ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ආපදා තත්ත්වය තුළ ගැබිණි මාතාවන් සඳහා විශේෂ අවධානය

    මැයි 19, 2016


    විපතට පත් පිරිස අතර සිටින ගැබිණි මාතාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඒ සියලු දෙනා රෝහල් වෙත ඇතුළු කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.


    ගංවතුර තත්ත්වය හේතුවෙන් පානීය ජලය ගැන ජනතාව අවධානය යොමු කර උණුකර නිවා ගත් ජලය පානය කළ යුතුයි. තමන් පිළියෙළ කර ගත් ආහාර ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු අවම කර ගත හැකියි. කුඩා දරුවන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් උණ හෝ වමනය ඇති වුවහොත් ළඟ ම ඇති රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

    නායගොස් ඇති ප්‍රදේශවල තාවකාලික බොහෙත් ශාලා ස්ථාපිත කර ඇති අතර එහි උදේ සිට ප්‍රතිකාර කරනු ඇත. එම ප්‍රදේශයන් හි ප්‍රධාන රෝහල් සියල්ලේම වෛද්‍ය කණ්ඩායම් හා ගිලන් රථ හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වීමට ස්ථාපිත කර ඇති බවත් මරණ පරීක්ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් කෑගල්ලේ රෝහල වෙත ඊයේ සහ අද ගොස් ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    වසංගත රෝග පැතිර යාමේ අවදානමක් පවතින නිසා ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ජල ගැනීම නිසා වාහක රෝග බෝවීමේ අවදානම වැඩි නිසා කසල කළමනාකරණය කළ යුතුයි. මී උණ, ඩෙංගු වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකි නිසා යමෙකුට දින 02කට වඩා වැඩි කාලයක් උණ ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඉතා ඉක්මනින් කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya