ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආපදා හේතුවෙන් විනාශ වූ විභාග සහතික ලබාදීමට පියවර

    මැයි 23, 2016

    පවතින කාළගුණ තත්වය සමඟ ඇති වූ අපදාවන් හේතුවෙන් විභාග සහතික පත්‍ විනාශ වී ගිය පුද්ගලයින්ගේ අදාළ සහතික පත් කඩිනමින් ඔවුන්වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට  උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


    ඒ අනුව සහතික නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවයට අමතරව අපදාවට ලක්වූවන් ජීවත්වන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධීකරණය කරමින් අදාළ සහතික පත් අපේක්ෂකයන් අතටම පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    එමෙන්ම මේ වන විට සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තොරතුරු (විභාග අංක,ජාතික හැඳුනුම්පත,උප්පැන්න සහතික,ප්‍රතිඵල සටහන්) නොමැති අපේක්ෂකයන්ගේ, අවශ්‍ය තොරතුරු කිහිපයක් විශේෂ සෙවුම් පෝරමයක් වෙත ලබා ගෙන ඒ හරහා විභාග  සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත.

    ඒ සඳහා අවශ්‍ය ආදර්ශ අයදුම්පත් මේ වන විටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා ග්‍රාම නිලධාරීන් වෙත යොමු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටි.

    ඒ අනුව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හරහා විභාග සහතික පත් නැවත අයදුම් කිරීමට ආපදාවන්ට ලක්වූවන්ට අවස්ථාව ලැබේ.

    එමෙන්ම මෙම කටයුතු සම්න්ධීකරණය සඳහා අදාළ ප්‍රදේශයන් වෙත විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බැගින් යෙදවීමට ද නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya