ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට නිරිත දිගින් හමන තද සුළං

    ජූනි 07, 2014

    නිරිත දිග මෝසම ස්ථාපනය වී ඇති අතර ලබන 09 වැනිදා දක්වා  කාලය තුළ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමට සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමට ඉතා ඉහළ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.


    අද (07) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ හා ගාල්ලට වැසි වාර කිහිපයක් ද රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති විය හැක.


    මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya