ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාසල් සිසුන්ටත් සමථකරන පිළිබඳ දැනුම ලබාදීමට යයි

    ජූනි 05, 2016

    අධිකරණ අමාත්‍යාංශයේ සහාය ලබාගනිමින් පාසල් පද්ධතියට ද සමථකරණ ක‍්‍රියාවලිය හඳුන්වාදීමට කටයුතු සැලසුම් කරනා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.  

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසගියදා කුරුණෑගල පැවති දිස්ත‍්‍රික් සමථ මණ්ඩල සම්මේලනයට එක් වෙමිනි.

     

    ගැටුම නිරාකරණ කටයුතු වෙනුවෙන්, අධිකරණ මට්ටමට නොගොස් සාකච්ඡාමය සම්මුතීන්ට එළඹීම පිණිස ජනතාවට වඩාත් සමීප ව කටයුතු කිරීමෙහි ලා සමථ නිලධාරීන් සුවිශේෂ කාර්යභාරයක් සිදුකරන බවත්, කාලෝචිත කටයුත්තක් සේ සලකා ඉදිරියේ දී පාසල් පද්ධතියට ද සමථකරණය පිළිබඳව හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන්  කළේය.

     


    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමථ මණ්ඩල 30ක සාමාජික මහත්ම මහත්මීන් 1,000කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සමථ නිලධාරීන්ගේ සමාජ මෙහෙවර ඇගයීම හා ඔවුන්ගේ නිර්මාණ කුසලතා එළිදැක්වීමක් ද මෙහි දී සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya