ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොස්ගම සාලාව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් ම සිදු කරනවා - හමුදා මාධ්‍ය ප්‍රකාශක

    ජූනි 08, 2016

    පසුගියදා කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් සිදු කෙරෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය ජයනාත් ජයවීය මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක්, යුද හමුදාපතිගේ නියෝගයේ මූලික පරීක්ෂණ උසාවියක් පත් කර තිබෙන බවත් රහස් පොලීසියෙන් ද පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    කොළඹ අවිස්සාවේල්ල මාර්ගහය ඊයේ පස්වරු 7.30 වන විට මහජනතාවට විවෘත කිරීමට හැකි වූ බවත් ආරක්ෂක අංශ තොරතුරුවල රහස්‍යභාවය මත හෙළි කිරීමට නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    හමුදාව දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ නිසා කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදු සිද්ධයෙන් ජීවිතහානි අවම කරගැනීමට හැකිවූ බව ප්‍රකාශ කළ  බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා අනතුරට පත් පුද්ගලයන් බේරා ගැනීමට යුද හමුදාව පළමුව මුල්තැන දුන්  බව ද සඳහන් කළේය.


    සාලාව යුධ හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් විසි වූ කොටස් හමුදාව සතු දේපලක් ලෙස සැලකෙන අතර එම කොටස් අතර අර්ධ ක්‍රියාකාරී කොටස් ද ඇති බැවින් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසද  ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya