ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සෑම ශිෂ්‍යයෙකුම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබාදීමේ ප්‍රතිපත්තියක් Featured

    ජූනි 13, 2016

    ශිෂ්‍යත්වය යනු එක් කඩඉමක් පමණක් බවත් මෙවැනි බො‍හෝ කඩයිම් ගනනාවක් පසු කරමින් තමන්ගේ අනාගතය සකස් කරගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ඒ වෙනුවෙන් රජය නව අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර සියලු සිසුන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම හා එහිදී තමන්ට හැකි තමන් දක්ෂ විෂයකින් අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීමේ වටපිටාවක් මේ වනවිටත්  සැලසුම් කර අවසන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ජාතික ප්‍රතිපත්ති  සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ "දිරි දරු හරසර" 5 වසර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    පොතක් පෑනක් වෙනුවට ටැබ් එකක්, අයි පෑඩයක් රැගෙන පන්ති කාරමයට එන සිසුවෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය වන අතර තාක්ෂණික යුගයට ශ්‍රී ලාංකීය පාසල් පද්ධතිය සූදානම් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මානව ප්‍රාග්ධනයේ දියුණුව වෙනුවෙන් අධ්‍යාපනය ගොඩනැගීම සඳහා රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත් ඒ අනුව නිවැරදි කළමනාකරණය යටතේ ප්‍රමුඛතා හඳුනාගනිමින් මුළු පාසල් පද්ධතිය ම ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya