ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට සහන ලබාදීම ලබන 20 දා සිට

    ජූනි 14, 2016

    පසුගියදා හටගත්  ගංවතුරෙන්  පීඩාවට    පත්   කොළඹ  දිස්ත්‍රික්කයේ     කොළොන්නාව   කඩුවෙල  හංවැල්ල ආදි    ප්‍රදේශවල  ජනතාවට  සිදුවී  ඇති  හානි  තක්සේරු  කරන  තෙක්,  ඔවුන්ට  රුපියල් 10,000  බැගින් අත්තිකාරම්  මුදල්  ලබාදීම  ලබන සඳුදා ( 20)  සිට  ආරම්භ  කරන  බව  කොළඹ  දිස්ත්‍රික්  ලේකම්  සුනිල් කන්නන්ගර   මහතා  පවසයි.

    කොළඹ   දිස්ත්‍රික්කයේ    පමණක්   ගංවතුරෙන්    නිවාස    හානි වූ   පදිංචිකරුවන්      40,000ක්  පමණ  පිරිසක් සිටිති.

     

    ගංවතුරෙන්   නිවාස  හානි වූ අයට  වන්දි ගෙවීමට   තක්සේරු  වාර්තා  ලැබීමෙන්  පසුව  සිදු  කරන    බවත් මෙම රුපියල් 10,000 ක් බැගින් දෙන්නේ   අත්තිකාරමක්   වශයෙන්  බවත්   කන්නන්ගර   මහතා පෙන්වා දුන්නේය.

     

    මේ  අතර  සාලාව  යුද  හමුදා  කඳවුරේ   පිපිරීමෙන්     විනාශ  වී  ගිය  නිවාසවල   පදිංචි වී  සිටි  අයට  වෙනත්  නිවාස  සොයා   ගැනීම  සඳහා   මාස  3ක   කාලයකට  ලබාදෙන  රුපියල්  50,000 ක දීමනාව  අද  ( 14 ) දින වන  විට 150 කට  අධික  පිරිසකට    ලබා  දී  තිබූ  බව ද  දිස්ත්‍රික්  ලේකම්වරයා  සඳහන්    කළේය.

     

    සාලාව  හමුදා  කදවුරේ   පිපිරීමෙන්  විනාශ  වී ගිය   නිවාස ගොඩනැගිලි   හා ව්‍යාපාරික  ස්ථාන  පිළිබඳව  රජයේ   තක්සේරු  නිලධාරින්   පසුගිය  දිනවල  සිදු  කරනු  ලැබූ  තක්සේරු  කිරීම්   පිළිබඳ  වාර්තා   ලැබුණු  පසු  ඒවාට    වන්දි  ගෙවීමේ   කටයුතු   ආරම්භ  කිරීමට   කටයුතු  යොදා  ඇත.

     

     මේ  අතර  යුද  හමුදා    කඳවුරේ   සිදුවූ  පිපිරීමෙන්   හානි වූ  සාලාව  හා  අවට  නිවාස  අලුත්වැඩියා  කිරීම යුද    හමුදාව  විසින්   කඩිනමින්   සිදු කරගෙන  යන  බවත්  අද  (14 )  සවස  වන විට  නිවාස  150 ක අලුත්වැඩියා   කටයුතු   අවසන්  කොට  තිබු  බවත්  යුද   හමුදාවේ   බස්නාහිර  ආඥාපති මේජර්  ජනරාල්  සුදන්ත  රණසිංහ  මහතා  පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya