ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට Featured

    ජූනි 15, 2016

    මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකයට ලැබුණු තොරතුරක් මත, මෙරටට ගෙන්වන ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය භාරයට ගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.


     මෙම මත්ද්‍රව්‍ය තොගය ඊයේ අත්අඩංගුවට ගත් අතර බ්‍රසීලයේ සිට ආනයනය කෙරුණු සීනි බහාලුමක තිබූ ගමන් මලු කිහිපයක මෙම මත්ද්‍රව්‍ය තොගය  සූක්ෂ්ම ලෙස සඟවා තිබිණි.

     

    මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය, භාරයට ගැනීමත් සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ද එම ස්ථානයට පැමිණියේ ය.

     

    මත්ද්‍රව්‍ය තොගයේ දළ බර කිලෝ ග්රෑම් 91.3කි. මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් බිලියන 2ක් පමණ වනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකයේ ප්‍රධානී වින්ග් කමාන්ඩර් රවී ජයසිංහ මහතා පවසයි.


     
    ලැබුණු තොරතුරු මත නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අදාළ බහාලුම සොයා විමර්ශන සිදු කළ අතර ඊයේ පෙරවරුවේ ඔරුගොඩවත්ත රේගු බහලුම් අංගනයේ තිබිය දී එය අදාළ බහාලුම බවට නිශ්චිතව හඳුනා ගැණින.

    අනතුරුව සිදු කළ පරීක්ෂවේ දී සීනී මලු අතර මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය හමු විය.

     

    මෙම අවස්ථාවට පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ප්‍රධානී වින්ග් කමාන්ඩර් රවී ජයසිංහ, රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ලාලිත වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya