ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අවතැන් වුවන්ට ළගාවිමට පහසු තැන්වලින් ඉඩම් හා නිවාස

    ජූනි 16, 2016
     
    නාය යෑම් හා ගංවතුර හේතුවෙන් අවතැන් වු කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ලබා දී නිවාස තනාදීමේ දි ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනතාවට ළගා වීමට පහසු ස්ථාන හදුනාගෙන ඉදිකිරීම් කටයුතු සිදු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත්  සියඹලාපිටිය මහතා පැවසීය. 
     
     
    ඒ මහතා මෙම අදහස් පලකරනු ලැබුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් සහ ගංවතුරින් අවතැන් වුවන් නැවත පදිංවි කිරීම සදහා ඉඩම් හදුනා ගැනීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වු සාකච්ඡාවක් අමතමින්ය. 
     
     
    පසුගියදා ඇතිවු ව්‍යසනය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අවතැන්වුවන් සදහා අළුතින් නිවාස 3,000-3,500 ක් අතර ප්‍රමාණයක් සෑදීමට සිදුවේ. අදාල පුද්ගලයින් ඔවුන්ගේ කලින් පදිංචි ස්ථානයට ඉතාමත් ආසන්න තැනක පදිංචි කිරිමටත්, යටිතල පහසුකම් සියල්ල ලබාදිමටත් , පර්චස් 20 ක ඉඩම් ප්‍රමාණයක් ලබාදීමටත් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය. 
     
     
    ස්ථිර නිවාස සාදන තෙක් , ඉදිකෙරෙන තාවකාලීක නිවාස සදහා නොමිලේම විදුලි බලය ලබා දීමට තම අමාත්‍යංශය කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. 
     
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya