ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කලාත්මක වටිනාකමක් ඇති අතීත කලා ජනගත කිරීමට පියවර

    ජූනි 23, 2016

    කලාත්මක වටිනාකමින් යුත් අතීත කලා නිර්මාණ නැවත ජනගත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    විවිධ ක්ෂේත‍්‍රවල විවිධ හැකියාවන්ගෙන් සහ දැනුමෙන් සමන්විත පිරිස් ගොඩනැගීම අධ්‍යාපනය හරහා සිදුවිය යුතු කාර්යභාරයක් ලෙස තමා සලකන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව ඉදිරියේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන ටවර් හෝල් රඟහල හරහා කලාත්මක වටිනාකමින් යුත් කලා නිර්මාණ නැවත ජනගත කිරීම ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් ක‍්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (23) සව්සිරිපායේ දී පැවති ටවර් හෝල් නාට්‍ය පාසලේ 7 වැනි ඩිප්ලෝමා සමර්පණෝත්සවයට එක්වෙමිනි.

    මෙම ඩිප්ලෝමා සමර්පණෝත්සවයේ දී ටවර් හෝල් නාට්‍ය පාසලේ දෙවර්ෂ පූර්ණ නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 18 දෙනෙකුට තිළිණ සහ සහතික පත් පිරිනැමීස සිදු විය.


    මෙම ඩිප්ලෝමාධාරීන් සියලු දෙනාට විවෘත විශ්වවිද්‍යාලය මගින් ඉදිරියේ දී සිය උපාධි අධ්‍යයන පාඨමාලා සඳහා සම්බන්ධ වී උපාධිධාරීන් බවට පත්වීමේ හැකියාව පවති බව ද ඒ මහතා සඳහන් කළේය.


    දේශීය කලා ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවෙමින් අනාගතයට වටිනා කලා නිර්මාණ දායාද කිරීමේ සියලු හැකියාව සහ ශක්තිය මේ සියලු සිසුන්ට පවතින බවත්, ඔවුන් වෙනුවෙන් රජයක් වශයෙන් නිරන්තරයෙන් පෙනී සිටින්නට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් ඩබ් එම් බන්දුසේන, ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස් ඒ අරියදොරේ, මහාචාර්ය රෝලන්ඞ් අබේපාල, මහාචාර්ය අනුර වික‍්‍රමසිංහ, මහාචාර්ය ගාමිණී දෑලබණ්ඩාර, ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහ, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප‍්‍රනාන්දු, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya