ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වැඩිකළ මහපොළ ශිෂ්‍යාධාර කඩිනමින් ලබාදීමට ඇමැති උපදෙස්

    ජූලි 01, 2016

    මහපොළ වැඩිකල ශිෂ්‍යාධාර කඩිනමින් ලබාදීමට උසස් අධ්‍යාපන හා මහමාර්ග  අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    වර්තමානයේ විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රය තුළ පවතින ගැටලු නිරාකරනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) දින විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ දී පැවති අතර එහිදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.


    එහිදී ශිෂ්‍ය නේවාසිකාගාර ගැටලු, මහපොළ ඇතුළු ශිෂ්‍ය දීමනා පිලිබඳ පවතින ගැටලු අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර අනුව ශිෂ්‍යයින්ට හිමි මහපොළ දීමනා කඩිනමින් ලබා දෙන ලෙසත් එය ශිෂ්‍යයින්ට විශාල සහනයක් වනු ඇති බවත් අමාත්‍යවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කඩිනමින් මහපොළ ශිෂ්‍යාධාර ලැයිස්තු විශ්වවිද්‍යාල වෙත ලබා දීමට කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දුන් අතර එතෙක් ශිෂ්‍යාධාර මුදල් නොකඩවා ශිෂ්‍යයින් වෙත ලබාදෙන ලෙස උපකුලපතිවරුන් දැනුවත් කළේය.

     

    මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය පී.එස්.එම්.ගුණරත්න මහතා, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya