ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    හෘද රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට්ස්, නොමිලේ ලබාදෙන ලෙස සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝග.

    ජූලි 04, 2016
    හෘද රෝගීන් සදහා අවශ්‍ය ස්ටෙන්ට්ස් (හෘදය වස්තුවට රුධිරය ඇතුළු පෝෂක කොටස් ගෙනයනු ලබන කිරීටක ධමනියේ ඇතිවන අවහිරතාවයන් මඟහැරවීම සදහා යොදාගනු ලබන උපකරණය) රෝගීන්ට නොමිලේ ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට නියෝග කර ඇත.
    හෘද රෝග ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඇන්ජියෝ ප්ලාස්ටික් ශල්‍ය කර්මය සදහා අවශ්‍ය ස්ටෙන්ට්ස්, රෝගීන් විසින් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගෙන ශල්‍ය කර්ම සිදු කර ගැනීම මෙතෙක් පැවැති ක්‍රමවේදයයි. එම ක්‍රමවේදය වහාම වෙනස් කර අවශ්‍ය ස්ටෙන්ට්ස් නොමිලේ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කර ඇත්තේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමග පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවක දීය. 
     
    රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට්ස් වාර්ෂිකව මිලදී ගැනීම සදහා වැය වන්නේ රුපියල් බිලියන 1.2 කි.
     
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, රෝගීන් සදහා අවශ්‍ය ස්ටෙන්ට්ස්, පෞද්ගලික ආයතනවලින් මිලදී ගන්න කියා දැනුම් දෙනවා. එවිට දොස්තරලාට වඩා වෛද්‍ය දැනුමක් ඇති පෞද්ගලික සමාගම් නිලධාරින් එම ස්ටෙන්ට්ස් අහිංසක රෝගී ජනතාවට අලෙවි කරනවා. මෙය වෛද්‍ය වෘත්තියටත් නරක පුර්වාදර්ශයක්. ඇතැම් සමාගම් බාල වර්ගයේ ස්ටෙන්ට්ස් ද අලෙවි කරනවා. හෘද රෝගීන්ට 100% හොද ස්ටෙන්ට්ස් ලබාදිය යුතුයි. එම නිසයි ස්ටෙන්ට්ස් නොමිලේ ලබාදීමට කටයුතු කරන්නේ.
     
    මෙම අවස්ථාවට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya