ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඔක්තෝම්බර් අල්ලස සහ දුෂණය වැළැක්වීමේ මාසය වෙයි

    ජූලි 06, 2016

    අල්ලස දුෂණය පිටුදැකීමේ ගුණාංග වලින් පිරි දරු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් පාසල් විෂය මාලාවට ද අල්ලස හා දුෂණය පිටුදැකීම පිළිබඳ කරුණු ඇතුළත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     පාසල් දරුවන් හා පාසල් ප‍්‍රජාව අතර අල්ලස හා දුෂණය වැළැක්වීමේ අරමුණින් පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවේ සම්පත්දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (05) කොළඹ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    2015 දෙසැම්බර් මස 09 වෙනි දිනට යෙදුනු අන්තර් ජාතික දුෂණ විරෝධී දිනයේ දී, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  සත්පියවර” ලෙස ඉදිරි අවුරුදු තුන තුළ අල්ලස හා දුෂණය පිටුදැකීමේ කි‍්‍රයාවලීන් 07 ක් හඳුන්වාදීමට පියවර තිබේ.

     

    එහි එක් පියවරක් ලෙස අනාගත පරපුර අල්ලස හා දුෂණය පිටුදකින පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව දියත් කිරීමට සැලසුම් කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව අල්ලස් හා දුෂණය පිටුදැකීමේ සුපිළිපන්න සමාජ ඒකක පාසල් තුළ පිහිටුවීම සඳහා පියවර ගැනිමට තීරණය කර තිබෙන බව ද සඳහන් කළේය.

     

     ඒ සඳහා අවශ්‍ය අත්පොත් නිර්මාණය කිරීම පිළිබඳ විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීම ද මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙන අතර  එළඹෙන ඔක්තෝබර් මාසය අල්ලස හා දුෂණ පිටුදැකීමේ මාසය ලෙස නම් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.


     එමෙන්ම ඊට සමගාමීව සුපිළිපන්න සමාජ ඒකක පාසල් තුළ ස්ථාපිත කිරීමත්, අල්ලස හා දුෂණය පිටුදැකීම ප‍්‍රවර්ධනය කරමින් පාසල් මට්ටමින් කථීක තරග, විවාද තරග, පෝස්ටර් තරග මෙන්ම වැඩමුළු ගණනාවක් සංවිධානය කිරීමට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කිරීමට පියවර ගන්නා බව ද  අමාත්‍යවරයා සඳහන් කළේය.


    මෙම අවස්ථාවට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ඩිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙවිල් ගුරුගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya