ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ පොදු සමාකාලය 13 දායින් අවසන්

    ජූලි 10, 2016

    නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සිය නිශ්කාෂණ ලබා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද පොදු සමාකාලය ලබන 13 වැනි දා දක්වා තවදුරටත් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර  පසුගිය 8 වැනි දින අවසාන වූ දින 28 ක කාළය තුළ ත්‍රිවිධ හමුදාවටම අයත් සාමාජිකයින් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් සිය නිශ්කාෂණ කටයුතු නිම කොට නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුළින් නික්ම ගොස් ඇත.

    ඒ  අනුව සක්‍රීය සේවයෙන් නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට නොපැමිණ සිටි යුධ හමුදාවේ සාමාජිකයින් 11847 ක් නාවික හමුදා සාමාජිකයින් 679 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 525 ක් මේ වනවිට සිය නිශ්කාෂණ කටයුතු නිමකොට නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුළින් නික්ම ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කර තිබේ.

    යුද හමුදා සාමාජිකයින් නම් තමා අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය, නාවික හමුදා සාමාජිකයින් නම් වැලිසර නාවික කඳවුරට ඉඳුරාම රපොර්තු කිරීම සහ ගුවන් හමුදා සාමාජිකයින් නම් කොළඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථානය වෙත වැඩකරන වෙලාව තුළ රපොර්තු කර සිය තොරතුරු ලබාදී සිය නිශ්කාෂණ කටයුතු නිම කර නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමේ හැකියාව පවති බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya