ඒ අනුව යුද හමුදා සාමාජිකයන් 16920ක්, නාවික හමුදා සාමාජිකයන් 868ක් සහ ගුවන් හමුදා සාමාජිකයන් 629ක් මෙම පිරිසට අයත් වෙති.පොදු සමා කාලය පසුගිය ජුනි 13දා සිට ජුලි 12දා දක්වා ක්‍රියාත්මක වුණි.
මෙම පොදු සමා කාලසීමාව ඉක්මයාමෙන් අනතුරුව එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට කටයුතු කෙරෙනු ඇත. ප්‍රථම වතාවට සේවය හැරගිය අයවළුන් සඳහා ත්‍රිවිධ හමුදාව සඳහාම එකවර ලබා දෙන ලද මෙම පොදු සමාකාලය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මකව පවතී.

නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා සිය නිශ්කාෂණ ලබා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද පොදු සමාකාලය තුළ දී 18417ක ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

















