ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කැසිනෝ සඳහා කිසිදු ආයෝජකයෙකුට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩක් නැහැ- අගමැති Featured

    ජූලි 20, 2016

    කැසිනෝ සඳහා කිසිදු ආයෝජකයෙකුට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    වික්‍රමසිංහ මහතා එසේ පැවසූයේ ඊයේ (19) සිංගප්පූරුවේ ජාත්‍යන්තර ව්‍යවසාය සංවිධානයේ මෙහෙයවීමෙන් ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ව්‍යාපාරික හමුව අවස්ථාවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    අනාගත ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දිරිදෙන ක්ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡා කෙරුණු අවස්ථාවේ එක් ව්‍යාපාරිකයෙකු ප්‍රශ්න කළේ පසුගිය රජය කැසිනෝ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ඇරඹිම සඳහා සුප්‍රකට ව්‍යපාරිකයන්ට අවස්ථා සැලසීමට ක්‍රියා කළ අයුරින් වත්මන් රජය ද කැසිනෝ ව්‍යාපාර දිරිමත් කරන්නේ ද කියාය.

    එයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ කිසිදු ආයෝජකයෙකුට අලුතෙන් කැසිනෝ ව්‍යාපාර ඇරඹිම සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉඩකඩක් ලබා නොදෙන බවය. රට සංවර්ධනය සඳහා කැසිනෝ ව්‍යාපාර උපකාරී කර ගැනීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙම ව්‍යාපාරික හමුවට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සිංගප්පූරුවේ ප්‍රමුඛ ව්‍යවසායකයින් රැසක් එක්වූ අතර, ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් විසින් කරුණු ගෙනහැර දක්වන ලදී.

    මෙම හමුවට එක්වූ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහතා පැවසූයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමේ පරිසරයක් දැන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙමින් පවතින බවය. ඒ අවකාශයෙන් ප්‍රයෝජන ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එක්වන ව්‍යවසායකන් සඳහා සිංගප්පූරු රජයේ සහය ලබාදෙන බව ද ඊස්වරන් මහතා පැවසීය.

    කර්මාන්ත, සංචාරක, බලශක්ති, නිවාස, ඉදිකිරීම්, පරිසර, නගර සැලසුම් ආදී ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ආයෝජන කටයුතු සිදු කිරීමේ හැකියාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සුමට හා ක්‍රමවත් ලෙස අනවශ්‍ය බාධාවන්ගෙන් තොරව ඒ කටයුතු ඉදිරියට ගෙන යෑමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කෙරිණි.

    මෙම සාකච්ඡාවෙන් පසුව සිංගප්පූරුවේ සුබානා ජුරොං සමාගම සහ ශ්‍රී ලංකාව අතර මහනගර සංවර්ධන සැලසුම් සැකසීම පිළිබඳව අවබෝධාත්මක ගිවිසුමකට ද අත්සන් තැබිණි. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් වීරරත්න සහ සුබානා ජුරොං සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී වොං හියැන් ෆයින් යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya