ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල විශේෂ හා අන්තර් දීමනා මූලික වැටුපට

    අගෝස්තු 01, 2016
     
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්ය මණ්ඩලය හා විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ගෙවන අන්තර් දීමනාව හා මූලික වැටුපේ ප්‍රතිශතයක් වශයෙන් ගෙවනු ලබන විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පියවර ගෙන ඇත.
     
    ඒ අනුව මූලික වැටුපට එකතුකර සකස් කරන ලද වැටුප් ව්‍යුහය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් නිර්දේශ කොට මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමටත්, එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ලබන සතියේ දී නිකුත් කිරීමටත් පියවර ගෙන ඇත.
     
    විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් කළ ඉල්ලීම අනුව ලබාදෙන මාසික හිලව් දීමනා පිළිබඳ යෝජනා ඉදිරි අයවැයේ දී ධනාත්මක ව සලකා බැලීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya