ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විභාග වංචාවට සහය දැක්වුවහොත් නීතිය ක්‍රියාත්මකයි

    අගෝස්තු 02, 2016

    අ.පො.ස. (උ/පෙළ) විභාගයේ විභාග අපේක්ෂකයන්ට විභාග වංචනික ක්‍රියා සිදු කිරීම සඳහා සහය දක්වනු ලබන බාහිර පුද්ලයින්ට එරෙහිව විභාග පනත යටතේ  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්  ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    එවැනි පුද්ගයින් පිළිබඳ අනාවරණය වුවහොත් පොලිස් අත්අඩංගුවට පත් කිරීමට ද කටයුතු ‍කරන බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

     

    එලෙස් වංචනික ක්‍රියා සිදු කිරීම සඳහා සහය දක්වනු ලබන බාහිර පුද්ගලයන් පිළිබඳව විභාග අපේක්ෂකයන්ට, දෙමාපියන්ට සහ අනෙකුත් පාර්ශයන්ට පහත සඳහන් දූරකතන අංකවලට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය අතර ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධවම සොයා බැලීම සඳහා කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමැතුම් අංකය- 1911


    පාසල් විභාග සංවිධාන ශාඛාව 0112784208/0112784537/0113188350/0113140314


    පොලිස් මූලස්ථානය 0112421111


    පොලිස් හදිසි ඇමැතුම් අංකය- 119

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya