ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ සිසුන් පිරිසක් අන්තර්ජාතික ගණිත තරගාවලියට

    අගෝස්තු 08, 2016

    ලබන 14 වැනි දා සිට 20 දිනයන්හි තායිලන්තයේ,  චිඅන්ග්මායි හිදී (Chiangmai, Thailand) පැවැත්වීමට නියමිත  අන්තර් ජාතික ගණිත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් පිරිසක් එක්වීමට නියමිතය.

    2016 සඳහා සහභාගී වන  සිසුන් සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

     

    ඒ අනුව ජාතික මට්ටමින් මේ සඳහා සුදුසුකම් ලැබූ සිසු දරුවන් 16 දෙනෙකු සහ කණ්ඩායම් නායකයින් 4 දෙනෙක් සඳහා  අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම සිදු විය.

     

    මෙම තරගාවලිය සංවිධානය කර ඇත්තේ තායිලන්තයේ, මූලික අධ්‍යාපන කොමිසමේ, නව නිපැයුම් සංවර්ධන අධ්‍යාපන කාර්යාංශය (Bureau  of Education Innovation Development Office of the Basic Education Commission ) විසිනි.

     

    ගණිතය වැනි ප්‍රා‍යෝගික වැදගත්කමින් යුතු විෂයක් සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රායෝගික අත්දැකීමක් ලබාගැනීමටත්, ඒ හරහා විෂය කරුණුවලින් පරිබාහිරව විවෘතව සහ වඩාත් පුළුල් චින්තනයක් ගොඩනඟාගැනීමටත් මෙම සංචාරයේ දී දරුවන්ට අවස්ථාව සැලසෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya