ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල් අද දිවයිනට

    අගෝස්තු 13, 2016

     

    යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් Irina Bokova මහත්මිය ඇතුලු දූත පිරිසක් නිල සංචාරයක් සඳහා අද (13) සවස දිවයිනට පැමිණීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී  අධ්‍යාපන අමාත්‍ය හා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සභාපති,  යුනෙස්කෝ සංවිධානයේ විධායක සභික අකිල විරාජ් කාරියවසම් මහතා විසින්  යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිගනු ඇත.

     

    ඇය මෙරට රැඳී සිටින කාලයේ දී ජනාධිපතිතුමා ඇතුලු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

     

    මීට අමතරව හෙට (14) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් ලෝක උරුම ස්ථානයන් වන පොලොන්නරුව හා සීගිරිය නැරඹීමට ද ඇය එක්වීමට නියමිත එහිදී  මෙරට පාසල් දරුවන් සමඟ ශ්‍රී ලංකාවේ උරුමයන් පිළිබඳව මෙන්ම දරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක යෙදීමට ද නියමිතය.

     
    ලබන 15 වැනි දා මහනුවරට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් Irina Bokova මහත්මිය ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගැනීමට නියමිතය.  ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය රාජකීය  උද්භිද උද්‍යානයේ සංචාරයක නිරත වන ඇය සිය සංචාරය සිහිවීම පිණිස පේරාදෙණිය රාජකීය  උද්භිද උද්‍යානයේ පැලයක් රෝපණය කරන්නීය. මෙදිනම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය හමුවන ඇය රාත්‍රී මහනුවර ඓතිහාසික දළදා පෙරහැර නැරඹීමට ද එක්වනු ඇති.

    තව ද ලබන 16  වැනි දා කොළඹ දී මෙරට විද්‍යාඥයින් 200 දෙනෙකු සමඟින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ අභියෝග හා නව ප්‍රවණතා පිළිබඳව සංවාදයකට එක්වන ඇය ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී සාමය හා සංවර්ධනය පිළිබඳ විශේෂ දේශනයකට එක් වේ.
     
    මෙරට ඇය රැඳී දිනට අවසන් දිනය වන ලබන 17 වැනි දා මෙරට එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම හමුවන ඇය ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ නිවසේ දී ජනාධිපතිතුමන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවකට එක්වීමට නියමිතයි.

    එදිනම පස්වරුවේ මීපේ පිහිටි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ අධ්‍යාපන සමුළුවකට ද Irina Bokova මහත්මිය එක් වේ. ඵලදායි ගුරු සංවර්ධනයක් තුළින් ගුණාත්මක අධ්‍යාපනයක් යන්න එහි තේමාවයි. මේ සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් හා අධ්‍යාපනඥයින් රැසක් එක්වීමට නියමිතයි. ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ මූලස්ථානයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට ද යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් Irina Bokova මහත්මිය එක් වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya