ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ඡායාරූප උළෙල අභිමානවත්ව පැවැත්වෙයි

    අගෝස්තු 20, 2016

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රථමවරට සංවිධානය කළ රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල -2016 අභිමානවත් ලෙස ඊයේ (19) බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී පැවැත්විණි.

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ සහ විශේෂ කාර්යභාර අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඡායාරූප ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසකගේ සහභාගීත්වයෙන් සම්මාන උළෙල පැවැත්විණි.

    ඡායාරූප සම්මාන උළෙලේ දී  කුසළතා සහතික  රාජ්‍ය සම්මාන ප්‍රදානය සිදු කළ අතර ඡයාරූප ක්ෂ්‍රේත්‍රය වෙනුවෙන් කළ සේවය අගයමින් ප්‍රවීන ඡායාරූප ශිල්පී එල්.එච්.ආර්.විජේතුංග මහතා යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.


    life Styles and Cultural Events අංශයේ ප්‍රථම ස්ථනය ඩබ්ලිව්. එස්.ඩී. සුරේශ් එස්. වීරසිංහ, Nature, Wildlife and Landscape අංශයේ ප්‍රථම ස්ථානය ජනක වීරසිරි බණ්ඩාර, Mass Media, News and Sports අංශයේ ප්‍රථම ස්ථානය නලින් ප්‍රසන්න හේවාපතිරණ, wedding events අංශයේ ප්‍රථම ස්ථානය එච්. එච්. කසුන් ප්‍රදීපා ධර්මසේන,Open Category  අංශයේ ප්‍රථම ස්ථානය  රවින්ද්‍ර රණසිංහ යන ඡායාරූප ශිල්පීහූ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබූහ.

     

    රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල සඳහා අංශ හතරක් සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබුණි. එහිදී ඡායරූප 2899ක් උළෙල සඳහා ලැබී තිබුණු අතර ඉන් ඡායාරූප 100ක්  තේරී පත්වී තිබුණි.

    මේ අවස්ථාවට, සංස්කෘතික කටයුතූ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, රාජ්‍ය ඡායාරූප අනුමණ්ඩලයේ සභාපති ප්‍රවීන ඡායාරූප කලාවේදී හෙන්රි රාජකරුණා මහතා ඇතුළු නිලධාරීහු, ඇතුළු ඡායාරූප ක්ෂ්‍රේත්‍රයේ ප්‍රවීණයන්, ආධුනිකයන්,පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    a photo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya