ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ආහාර සුරක්ෂිතතා සතිය අද සිට Featured

    අගෝස්තු 22, 2016

    ජාතික ආහාර සුරක්ෂිතතා සතිය අද (22) සිට ආරම්භ වන අතර එම සතිය ලබන 29 දින දක්වා එය ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    සිඝ‍්‍රයෙන් ඉහළ යන බෝනොවන රෝග මර්දනය කිරීමේ අරමුණින් මෙම ආහාර සුරක්ෂිතතා සතිය ක‍්‍රියාත්මක කෙරේ. ආහාර පාන සකස් කරන හෝටල්, බේකරි, රෙස්ටුරන්ට් සහ දුර ගමන් බස් රථ නැතුම් ස්ථානවල පිහිටි ආපනශාලා මෙහිදී පිරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත.

    සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උදෙස් පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

    මෙහිදී පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ මෙම පරීක්ෂා කිරීම සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.

    එමෙන්ම පැණි බීම සඳහා වූ වර්ණ සංකේත යෙදීමේ නිතිය ද ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන අතර, එම නීතිය කඩ කරන වෙළෙදුන්ට සහ නිෂ්පාදකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya