ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පස් සහ බොරළු කැණීමේදී හෝ ප්‍රවාහනයේදී සංවර්ධන ව්‍යාපෘති අඩාල වන්නේ නම් දැනුම් දෙන්න.

    අගෝස්තු 24, 2016
    රජය මගින් දියත් කරන මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සංවර්ධන ව්‍යාපෘති වලදී පස් සහ බොරළු සම්බන්ධ ගැටළු ඇති වන්නේ නම් අදාල ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට ඒ පිළිබද පත්කොට ඇති ඒකාබද්ධ කමිටුව වෙත දැනුම් දීමෙන් එම ගැටළුව විසදාගත හැකි බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි.
    අදාල ගැටළුව කමිටුව වෙත යොමු කළ පසු කමිටු සාමාජිකයන් එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසු ඉතා කඩිනමින් ඊට අවශ්‍ය පිළියම් යොදන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරන ලදී. දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පස් හා බොරළු කැණීම් බලපත්‍ර ලබාදීම සදහා පත් කළ විශේෂ කමිටු රැස්වීමේදීය. 
     
    පස් සහ බොරළු කැණීම, ප්‍රවාහනය කිරීම සහ බැහැර කිරීමේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින්  පවතින විවිධ නීතිමය සීමාවන් නිසා  සංවර්ධන කටයුතු ප්‍රමාද වීම වැලැක්වීමේ අරමුණින් ‍වත්මන් රජය මෙම කමිටුව පත්කොට ඇති බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා ඒකාබද්ධ කමිටුව ඒ සදහා සහාය ලබාදීමට කැපවී සිටින බවද පෙන්වා දෙන ලදී. පස් හා බොරළු කැනීම් බලපත්‍ර ලබාදීමේදී ඒකාබද්ධ කමිටුව ක්ෂේත්‍ර පරීක්ෂණ සදහා යන විට අදාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයාද ඊට සහභාගී වන්නේ නම් ඇතිවිය හැකි ප්‍රායෝගික ගැටළු බොහොමයක් එම ස්ථානයේදීම විසදා ගත හැකිවන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
     
    පස් සහ බොරළු කැනීම් බලපත්‍ර ලබාදීමේදී ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයට සහභාගී වන කණ්ඩායම කැණීම් කරන ස්ථානයට අමතරව පස් ප්‍රවාහනය කරන මාර්ගය, ප්‍රවාහනය කරන කාල වේලාව සහ ප්‍රවාහනය කරන කියුබ් ප්‍රමාණය යන සියල්ලම සලකා බලා අනුමැතිය ලබා දිය යුතු බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා ඒ තුළින් රජයේ සංවර්ධන කටයුතු බාධාවකින් තොරව කාර්යක්ෂම සිදු කිරීමට අවශ්‍ය පසුබිම් සැකසිය හැකි බවද පෙන්වා දෙන ලදී.
     
    වත්මන් රජය මගින් පස් හා බොරළු කැනීම් බලපත්‍ර ලබාදීමේ කමිටු පිහිටුවීමට අවශ්‍ය චක්‍රලේඛය නිකුත් කරන්නේ 2015 වසරේ ඔක්තෝබර් මාසයේදීය. නීත්‍යානුකූල නොවන පස් කැපීම්, බලපත් අවභාවිතයන්,  සහ ඒවායේ දී ඇතිවන අක්‍රමවත් ක්‍රමවේද පාලනය කිරීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කොට තිබේ. අදාල කමිටු පිහිටුවීම නිසා රජයේ සංවර්ධන කටයුතු වලදී පස් සහ බොරළු කැනීම් සහ ප්‍රවාහනයේදී සිදුවන ප්‍රමාදයන්ද වලක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන හදුන්වාදී තිබේ. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් පස් හා බොරළු කැනීම් බලපත්‍ර ලබාදීමේ කමිටු පිහිටවූ අතර, බලපත්‍ර ලබාදීම පිළිබදව ප්‍රායෝගිකව විමසා බැලීමට ඒකාබද්ධ කමිටු පත් කොට තිබේ. පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැනීම්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යන රජයේ ආයතන සහ අදාල ප්‍රාදේශීය‍ ලේකම් එම ඒකාබද්ධ කමිටුව නියෝජනය කරයි.   
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya