ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සමථ මණ්ඩල කොමිසන් සභාවට නව කොමාසාරිස්වරු පත් වෙති Featured

    අගෝස්තු 26, 2016

    1988 අංක 72 දරණ සමථ මණ්ඩල කොමිසන් සභා පනතේ 2(1) වගන්තියට අනුව සමථ මණ්ඩල කොමිසන් සභාව සඳහා  නව කොමසාරිස්වරුන් 05 දෙනෙකු  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා විසින් පත් කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

    විශ්‍රාමලත් ‍ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්.යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුත් සමථ මණ්ඩල කොමිසන් සභාවේ සෙසු කොමසාරිස්වරුන් ලෙස විශ්‍රාමලත් විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමලත් විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර,එම්.සෝමසුන්දරම්,පලීලා බී. ජුරම්පති යන මහත්ම මහත්මීන් පත් කර ඇතැයි අමාත්‍යංශය පවසයි.

    ආරවුල් විසඳීමෙහිලා අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව ජනතාව සමථකරණය වෙත සමීප කිරීම සඳහා මීට වසර 25කට පෙර ආරම්භ කර තිබේ.

    සමථ මණ්ඩල මගින් සමථ මූල බල ප්‍රදේශයේ සිදු වන ආරවුල්, චංචල හෝ නිශ්චල දෙපළ වලට සිදුවන ආරවුල්, ගිවිසුම් සම්බන්ධ ආරවුල්  හා අධිකරණයේ නඩු නිමිත්තක් ඇති කරන ඕනෑම ගැටලුවක් හා රුපියල් ලක්ෂ 05  කට අඩු දේපල සම්බන්ධ නඩු හෝ ණය ආරවුල් විසඳීම සඳහා දිවයින පුරා සමථ මූල මණ්ඩල 329ක් පිහිටුවා තිබේ.

    මේ සඳහා වසරකට පැමිණිලි ලක්ෂ 02කට අධික සංඛ්‍යාවක් යොමුවෙන අතර එයින් 50%කට අධික ප්‍රමාණයක් විසඳුම් ලබාදීමට සමථ මණ්ඩල කොමිසන් සභාවට හැකිවී ඇතැයි අමාත්‍යංශය වැඩිදුරටත්  පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya