ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නර්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් දුම්රිය පහසුකම් වැඩි කරයි Featured

    අගෝස්තු 27, 2016

    දුම්රිය මගීන්ගේ ඉල්ලීම පරිදි යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික ප්‍රධාන පූජෝත්සවය නිමිත්තෙන් සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දුම්රිය පළමු පන්තියේ වායු සමීකරණය කරන ලද අතිරේක මැදිරියක් එක්කොට ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

    ඒ අනුව ලබන අගෝස්තු 30 වැනි දා සිට සැප්තැම්බර් 01 වැනි දා දක්වා තෙදින තුළ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට අංක 4021 දරන කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන නගරාන්ත සීඝ්‍රගාමී දුම්රියට සහ අංක 4022 දරන කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානයේ සිට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන නගරාන්ත සීඝ්‍රගාමී දුම්රියන්ට දිනපතා ධාවනය වන දුම්රිය මැදිවලට අමතරව පළමු පන්තියේ දුම්රිය මැදිරි එක් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya