ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ කි‍්‍රයාදාමයේ රටවල සමුළුවේ දී පංචවිධ යෝජනාවට එකඟත්වයක් Featured

    අගෝස්තු 28, 2016

    කොළඹ කි‍්‍රයාදාමයට අයත් රටවල විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් පංචවිධ කි‍්‍රයාමාර්ග සඳහා සාමාජික රටවල් සමඟ එකඟතාවයකට පැමිණි බවල විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

    ඒ අනුව මේ සඳහා සාමාජික රටවල අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරිය ප‍්‍රකාශ කළ අතර කොළඹ කි‍්‍රයාදාමයේ සාමාජික රටවල අමාත්‍යවරුන්ගේ 5 වන සමුළුව අවසානයේ පැවති  මාධ්‍ය සාකච්ඡාවේදී ඇය මේ බව පැවසුවාය.

     මෙවර සමුළුවේදී ප‍්‍රධාන මාතෘකා 5 ක් යටතේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට සාමාජික රටවල වැඩසටහන් ඉදිරිපත්කොට ඒවා සම්මත කර ගත් බවත් ඒ අනුව සදාචාරාත්මක බඳවාගැනීමේ කි‍්‍රයාවලිය හඳුන්වාදීම සඳහා සාමාජික රටවල වැඩි අවදානයක් යොමු වු අතර මේ අනුව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ ක‍්‍රමය වඩාත් විධිමත් හා නීතිමය රාමුවක් තුළ සිදු වෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

     දෙවන කාරණය ලෙස පෙර විගමනික පුහුණුව හා දැනුවත් කිරීම සඳහා සාමාජික රටවලට බලපාන පොදු වැඩපිළිවෙළික් කි‍්‍රයාත්මක කිරීමට එකඟතාවය ලැබුණු බවත්  ඒ අනුව රැකියා  සඳහා විදේශ ගත වීමට අවශ්‍යල පෙර පුහුණුව ජාත්‍යන්තර ශ‍්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවයට සරිලන ලෙසත්, විගමනික ශ‍්‍රමිකයින් දැනුවත් කිරීම සඳහා සියලුම සාමාජික රටවලට බලපාන පොදු ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමටත් එකඟ වූ බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

     
    එ‍සේම 4 වන කාරණය ලෙස පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ශ‍්‍රම වෙළදාම පිළිබඳ විශ්ලේෂණය කොට අවශ්‍ය පරිදි ශ‍්‍රමිකයින් ඊට සූදානම් කිරීම සහ රැකියා සඳහා පිටත් කිරීමේ වැඩපිළිවෙළක් ඇති කිරීම බවත් මෙයට අමතරව විගමනික ශ‍්‍රමිකයින්ගේ කුසලතා හඳුනා ගැනීම පුහුණු කිරීම හා සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සාමාජික රටවල් එකඟතාවයකට පැමිණි බවත්  අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

    ඇෆ්ගනිස්ථානයල බංගලාදේශයල චීනයල නේපාලයල පාකිස්තානයල පිලිපීනයල තායිලන්තයල වියට්නාමයල ඉන්දුනීසියාව යන රටවල් 11 ක් කොළඹ කි‍්‍රයාදාම සමුළුවේ සාමාජිකත්වය දරන බව පෙන්වා දුන් අමාත්‍යවරිය එසේම කාම්බෝජය මෙවර සමුළුවේදී සිය සාමාජිකත්වය ලබා ගත් 12 වැනි රට වූ බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    කොළඹ කි‍්‍රයාදාමයේ  සභාපතීත්වය 2013 වසරේ සිට ශ‍්‍රී ලංකාවට හිමිව තිබූණි. එසේම මෙවර නැවතත් එහි සභාපතීත්වය ශී‍්‍ර ලංකාවට ලැබුණු අතර එය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට හිමි වුනි.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරල විදේශ රැකියා නියෝජය අමාත්‍ය මනූෂ නානායක්කාරල ජත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විලියම් ලේසි ස්වින්ග්ල විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඇසල වීරකෝන්ල විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස් විතානගේ යන මහත්වරුන් ද එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya