ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බහු කාර්ය ධීවර වරායන් 3 ක් උතුරට

    අගෝස්තු 31, 2016
    සමස්ථ ධීවර ජනතාව සේම උතුරේ ජනතාවද ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    මේ සදහා යෝජිත බහු කාර්ය ධීවර වරායන් කඩිනමින් ඉදිකර අවසන් කර එහි නිසි ප්‍රතිලාභ ජනතාවට හැකි අවම කාලයක් තුල ලබා ගැනීමට අවස්ථාව උදාකර දිය යුතු බවද දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය .
     
    රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොරියානු ධීවර අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 07 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නියෝජිත කණ්ඩායම ඊයේ 30 දින රාජ්‍ය අමාත්‍යතුමාගේ නිල කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය .
     
    කොරියාවේ සාගර සහ ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ  Mr. Kweon, Jun Y oung හා එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Mr. Seo, Dong Hyun යන මහත්වරුන්ද මෙම නියෝජිත කණ්ඩායමට එක්ව සිටියහ .
     
    මෙම කොරීයානු ඉහල පෙලේ නියෝජිත කණ්ඩායම ධීවර රාජ්‍ය අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ කියා සිටියේ යෝජිත බහු කාර්ය ධීවර වරායන් ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යනය නොමිලයේ සිදු කර දීමට තම රට ඉදිරිපත් වන බවය. 
                
    අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බහු කාර්ය ධීවර වරායන් 04 ම වසර දෙකක් තුල ඉදිකර අවසන් කරන බවද කොරියානු නියෝජිත කණ්ඩායම පැවසුහ .
     
    මෙම බහු කාර්ය වරායන් චලෙයි ,ඩෙල්ෆ් , මාදකල් හා උඩප්පුව යන ප්‍රදේශ වල ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර ධීවර , සංචාරක හා වාණිජ යන ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් මෙම බහු කාර්ය ධීවර වරායන් සැලසුම් කර තිබේ .
    ඊට අමතරව විශාල ප්‍රමාණයේ යාත්‍රා වලට ද පිවිසිය හැකි පරිදි මෙම සැම ධීවර වරායකම පතුලේ ගැඹුර මීටර් 5 ට වඩා වැඩියෙන් සැකසීමටද තීරණය වුහ .
     
    මෙම සාකච්ජාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්.අධිකාරි මහත්මියද , රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ්  ,රාජ්‍ය අමාත්‍ය පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර , රාජ්‍ය අමාත්‍ය උපදේශක අයේෂ් රණවක  හා රාජ්‍ය අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් [ ජාත්‍යන්තර කටයුතු] ප්‍රසන්න කුලතුංග යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ .
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya