ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නව ව්‍යවස්ථාව සකස් වන්නේ ජනතාව අවශ්‍යතාවයට

    සැප්තැම්බර් 01, 2016

    නව ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව  විවිධ සංවිධාන පුද්ගලයින් කුමන ප්‍රකාශ සිදු කළ ද එය සකස් කරන්නේ ජනතා අවශ්‍යතා අනුව බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    නව වස්ථාවක් සම්බන්ධයෙන් සමහර පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එවැනි ප්‍රචාර මගින් මේ රට යළිත් ගිනි තියන්න කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා ඔවුන්ගෙන්  අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    ප්‍රජාවට සේවය කළ ප්‍රජා නායකයින්ගේ  සේවය ඇගයීම සඳහා 350 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට ඊයේ (31) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අද ජාතික ආණ්ඩුවක් වශයෙන් එක්ව යුද්ධයෙන් පසුව මේ රටේ දිනා ගැනීමට නොහැකි වු සාමය දිනා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඇතැම් සංවිධාන හා පුද්ගලයින් එය ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බව කිව යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    අපි නව ව්‍යවස්ථාව හදන්නේ ඇමෙරිකාවටවත් යුරොපයටවත් වෙනත් කිසිදු සංවිධානයකටවත් පුද්ගලයෙකුටවත් අවශ්‍ය විදිහට නොවෙයි.රට පුරා සිටින විවිධ සංවිධාන බුද්ධිමතුන් උගතුන් සිවිල් ජනතාව මේ සියල්ලගේම අදහස් අර ගෙන අපි නිර්මාණය කරන්නේ ජනතාවාදි ව්‍යවස්ථාවක් බව කිව යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya