ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියට මහ ලේකම්වරයාගෙන් සුබපැතුම් Featured

    සැප්තැම්බර් 02, 2016
    2009 වසරේ තම පළමු ශ්‍රී ලංකා සංචාරයේ දී තමා ශ්‍රී ලංකාවේ දුටු දේවල් හා බැලීමේ දී වර්තමානයේ දී ඊට සපුරා වෙනස්ම ආකාරයක් ඇති බවත් එලෙස ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව රජයට මෙන් ම ජනතාවට ද සුබපතන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා පවසයි.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති "තිරසාර සාමයක් කරා - තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම" මැයෙන් පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනයට සහභාගි වෙමිනි.
     
    2009 වසරේ දී ශ්‍රී ලංකාව තුළ විශාල විඳවීම් හා දුෂ්කරතා මෙන් ම රට කැබලි කළ දරුණු ගැටුම්කාරී තත්ත්වයෙන් සුව සිය දහස් ගණන් ජනතාව අවතැන්ව සිටි අතර මානුෂිය ආධාර අවශ්‍ය බව තමන් දුටු බවත් අස්ථාවර පශ්චාත් යුද සමයේ දී නැවතත් යුද්ධයක් ඇතිවිය හැකි යන තම විශ්වාසය අනූව කඩිනමින් සිංහිඳියාවක් හා ක්‍රියාකාරීත්වයක් ඉල්ලා සිටි බවත් 
    මූන් මහතා පෙන්වා දෙයි.
     
    වර්තමානයේ දක්නට ඇති තත්ත්වය එදාට වඩා හාත්සපින්ම වෙනස් මෙන් ම මනා ප්‍රගතියක් ලබා ඇති බවත් සඳහන් කරන මූන් මහතා ඉදිරියේ දී ද කළ යුතු දේවල් ඇති නමුත් අධිෂ්ඨානයෙන් යහපත් පොරොන්දු සමඟ රටෙහි සමස්ත ජනතාව වෙනුවෙන් ඉදිරියට ගොස් ඇති බවත් සඳහන් කළේය.
     
    "මහත් කැළඹීම් තත්ත්වයන් මැද එක්සත් ජාතීන් හට 70 වසරක් ගත විය. සිරියාව, යේමනය, මධ්‍යම අප්‍රිකානු ජනරජය හා තවත් තැන්වල අප දැක ඇති පරිදි "එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ එන යුද්ධයේ විනාශයෙන් පසු ව එන පරම්පරා බේරා 
    ගැනීමට" යන වචන හඬනාඟා කියවිය යුතුය" .
     
    "අතිශය දරිද්‍රතාවය හා වැඩිවන අසමානතා යුක්තිය පිළිබඳ අපගේ හැඟීමට අභියෝග කළේය. දෙවන ලෝක යුද්ධය අතරතුරදී ගැටුම් හේතුවෙන් අවතැන් වූ වැඩිම ජන සංඛ්‍යාවක් වාර්තා විය". 
     
    ප්‍රචණ්ඩ අන්තවාදයේ තර්ජනය මඟින් විරුද්ධ මානයන්, ඇතැම් විට විරුද්ධ ඵලදායි අනෙකුත් ජාතීන් හට වින ඇතිකරන්නාවූ හෝ තදබල යුද්ධමය ප්‍රතිචාර ඇති කළ අතර ඒවා මානව අයිතීන්ට ගරු නොකළ බවත් එහෙත් 2015 සහයෝගීත්වය ප්‍රබෝධ කළ වසරක් ද වූ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    අප අපගේ ජනතාව හා ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි අපගේ වගකීම නිසි බරපතලකමින් ගන්නා අතර අපගේ ජනතාව අතර අවබෝධය වර්ධනය කරන අතර ම ගෝලීය මට්ටමින් එකිනෙකා අතර අවබෝධය හා ගෞරවය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරන බවත් මෙම අවස්ථාවට සහභාගිවෙමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
     
    සංහිඳියාව වෙත වූ පැහැදිලි මාර්ගයක් ද, සියලු ජනතාව කෙරෙහි සර්ව සාධාරණ හා ධරණීය සංවර්ධනයක් ළඟාකර දීම සඳහා ද සියලු දෙනාගේ ගරුත්වය ආරක්ෂා කරන රටක් නිර්මාණය කිරීම සඳහා ද ජනවාර්ගික හා ආගමික බෙදීම් මත සිදුකරන දේශපාලනයට තරයේ එරෙහි වෙමින් ද සිටින බව සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයනයන් පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂවරයාගේ ආරාධනයක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා මෙම දේශනය සඳහා සහභාගි වී ඇත.
     
    මෙම සම්මන්ත්‍රණයේ දී තිරසර සංවර්ධන ඉලක්කයන්ගේ 16වන ඉලක්කය වන "තිරසාර සංවර්ධනය සඳහා සාමකාමී සහ එකමුතු සමාජයන් ප්‍රවර්ධනය කිරීම" කෙරෙහි අවධානය යොමු කළේය.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලි, ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයනයන් පිළිබඳ ලක්ෂ්මන් කිදිරගාමර්  ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා දිනූෂා පණ්ඩිතරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya