ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කිරීම නව රජයේ ප්‍රමුඛ අරමුණක්

    සැප්තැම්බර් 08, 2016
    මෙතෙක් කිසිඳු රජයකට පිළියමක් ලබා දිය නොහැකි වූ විරැකියා ප්‍රශ්නයට පැහැදිලි විසඳුම් සපයමින් ශ්‍රම වෙළඳපොළ ඉලක්ක ගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කරා ගෙන යාම නව රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා  පැවසීය.
     
    ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීම සහ රැකියා ගැටලු අධ්‍යනය කිරීම යන මැයෙන් පසුගියදා කොළඹදී පැවති වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    මේ වන විට ශ්‍රී ලංකාව සංවර්ධනයේ නව අදියරකට පිවිසෙමින් තිබෙන බවත් නව රජය යටතේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය සංවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර තිබෙන බවත් පැවසීය. එමෙන් ම යහපාලනය මුලිකව පුළුල් සංවර්ධනයක් පිළිබඳ ව අවධානය යොමු කර තිබෙන බවත් රටේ පුළුල් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමත් වත්මන් රජයේ අරමුණක් වන අතර ඒ සඳහා රාජ්‍ය ආයෝජන වගේම පෞද්ගලික අංශයේ ආයෝජන පුළුල් කිරීමත්, විදේශ ආයෝජන පුළුල් කිරීමත් අවශ්‍යය බවත් පෙන්වා දෙයි.
     
    ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන අංශයන් සඳහා දායකත්වය ලබා දී තිබෙනවා යැයි පෙන්වා දෙන අමාත්‍යවරයා අධ්‍යාපනය, විදුලිය, කෘෂිකර්මාන්තය, ස්වභාවික සම්පත් සංවර්ධනය ආදී අංශ ගණනාවක් සඳහා සහය ලබා දී තිබෙන බවත් ඉදිරි සංවර්ධන වැඩසටහන්වලදී ආසියානු සංවර්ධන බැංකුවේ සහය නව රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ව්‍යාපෘති ලේකම් ශාන්ත බණ්ඩාර, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ ශාන්ග්‍  ජින් වෙයි (shang-jin wei) යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya