ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උපක්‍රමික ක්‍රමවේදයක් ඔස්සේ මීකොන් නිම්නයේ රටවල වෙළඳපොළ ජයගත යුතුයි Featured

    සැප්තැම්බර් 09, 2016
    උපක්‍රමික ක්‍රමවේදයක් ඔස්සේ, මීකොන් නිම්නයේ රටවල වෙළඳපොළ ජයගත යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
     
    අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹ පැවැති ග්‍රේටර් මීකොන් ව්‍යාපාරික සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියේය. 
     
    මීකොන් නිම්නයේ රටවලින් මෙරටට සිදුවන ආනයනයන් හා මෙරටින් එම කලාපයට සිදු කෙරෙන අපනයන අතර විශාල වෙනසක් පවතින බවත් ඒ අනුව, උපක්‍රමික ලෙස ගොඩනඟාගන්නා වෙළඳ ගිවිසුම් හෝ වෙනත් යම් ද්වීපාර්ශවීය හෝ බහුපාර්ශවීය ගිවිසුම් මගින් ආනයන අපනයන අතර පරතරය අවම කිරීමට ද ඉන් පසු ඉතා ඉක්මනින් අපනයනයන් වැඩි කිරීමට ද පියවර ගත යුතු බව දයා ගමගේ මහතා කියා සිටියේය.
     
    "මියන්මාරයෙන් ආරම්භ වී වියට්නාමයෙන් මුහුදට වැටෙන මීකොන් ගංගාව පසුකරමින් යන රටවල සාමූහික ව්‍යාපාරික එකතුවක් ලෙස, "ග්‍රේටර් මීකොන් ව්‍යාපාරික එකමුතුව" හදුන්වයි. වර්ග කි.මී. මිලියන 2.6ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මෙම කලාපයේ ජනගහනය මිලියන 326කි" යැයි ද කීය.
     
    "පසුගියදා අවසන් වුණු, ආසියානු රටවල දේශපාලන පක්ෂවල එකමුතුවේ ද "එකම ආසියාවක්" යන තේමාවෙන් සාකච්ඡා කළ දේවල්වල අරමුණ වුණේ කලාපයක් හැටියට එක්ව නැගී සිටීමේ අරමුණයි. ලෝක ජනගහණයෙන් සියයට 60ක්ම ආසියානුවන් බව මම එහිදී කියා සිටියා. නමුත්, අපි ලෝක ආර්ථිකයේ පංගුවක් හැටියට අත්පත් කරගෙන සිටින්නේ සියයට 30ක් පමණි" යනුවෙන් ද පැවසීය.
     
    සංචාරක කර්මාන්තය හා සැසඳීමේ දී, වසරේ ගෙවුණු පළමු මාස 6 තුළ තායිලන්ත සංචාරකයන්ගේ මෙරටට පැමිණීම 5538කි. නමුත්, ශ්‍රී ලාංකිකයන් 27,600ක් තායිලන්තයට ගොස් තිබේ. මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ 13%ක ඉහළ යාමකි. 
     
    ශ්‍රී ලංකාව තායිලන්තයෙන් ආනයනය කරන ප්‍රධාන භාණ්ඩ වන්නේ, මෝටර් රථ, සීනි, රෙදිපිළි, වියළි මාළු, සිමෙන්ති, රසායන නිෂ්පාදන, වාහන අමතර කොටස් යනේවාය. නමුත්, ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට අපනයනය කරන්නේ, ආභරණ, තේ, කුළුබඩු, ෆයිබර් සහ කොහු සහ ගල් ආශ්‍රිත නිෂ්පදන පමණක් යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම අභියෝග ජය ගැනීම සඳහා වත්මන් රජය විසින් ගෙන ඇති පියවරයන් කිහිපයක් සම්බන්ධයෙන් ද දයා ගමගේ මහතා අදහස් දැක්වීය.
     
    මෙහිදී මීකොන් නිම්නයේ රටවල ව්‍යාපාරික සමුළුවේ වෙබ් යෙදවුම ද අමාත්‍ය දයා ගමගේ මහතා විසින් දියත් කරනු ලැබීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya