ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර ඓතිහාසික සහ සංස්කෘතිකමය වටිනාකමක් සහිත ස්ථාන සංවර්ධනයට මිලියන 515 ක්

    සැප්තැම්බර් 17, 2016
    මහනුවර නගරයේ ඓතිහාසික සහ සංස්කෘතිකමය වටිනාකමක් සහිත ස්ථාන වැඩි දියුණු කොට සංවර්ධනය කිරීම සදහා  නාගරික සංවර්ධන අධිකාරිය මගින් කටයුතු යොදා තිබේ.මේ අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ භූමිය අලංකරණය කිරීම සදහා මිලියන 86 ක මුදලක් වෙන් කර ඇති අතර, එහි පළමු අදියර මේ වන විටත් අවසන් වෙමින් පවතී. සංවර්ධනය කිරීමට යෝජිත දළදා මාලිගා පරිශ්‍රයේ දෙවැනි අදියර යටතේ 20% ක වැඩ කොටසක් අවසන් කොට ඇති අතර, ඉදිරි මාස තුන තුළ සියළු කටයුතු නිම කිරීමට හැකි වනු ඇත.
    මීට අමතරව මහනුවර ඇහැලේපොල වලව්ව සංවර්ධනය කොට සංරක්ෂණය කිරීම සදහා රුපියල් මිලයන 140 ක මුදලක් වෙන් කොට ඇති අතර, බෝගම්බර පැරණි සිරි මැදිරිය පිහිටි භූමියද සංරක්ෂණය කිරීම ආරම්භ කොට තිබේ. එහි පළමු අදියර සදහා පමණක් රුපියල් මිලියන 10 ක මුදලක් වෙන්කොට තිබේ. 
     
    කඩුගන්නාව ගල විදින ලද ස්ථානය ආසන්නයේ ඇති ඩෝසන් කුළුණ අසල භූමියද සංවර්ධනය කොට වඩාත් අලංකාරවත් පරිදි සකස් කිරීමට කටයුතු යෙදා තිබේ. කොළඹ මහනුවර මාර්ගය තැනීමට මූලිකත්වය ගත් කැප්ටන් ඩෝසන් නැමති ඉංජිනේරුවා සිහිවීම පිණිස ඉදි කර ඇති මෙම කුළුණ සංචාරකමය වශයෙන්ම මෙන්ම ඓතිහාසික වශයෙන්ද වටිනා ස්ථානයකි. මෙම ස්ථානයේ සංවර්ධන කටයුතු සදහා  රුපියල් මිලියන 20 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වැය කරනු ලබයි.
     
    අදාල ව්‍යාපෘති සියල්ල මෙම වසර අවසන් වන විට අවසන් කර ගත හැකි බව පැවසූ නාගරික සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්. සෝමරත්න මහතා මෙම ව්‍යාපෘතිද ඇතුළුව නාගරික ව්‍යාපෘති 11 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් මහනුවර නගරය තුළ ක්‍රියාත්මක කරන බව පැවසීය. මෙම සමස්ථ ව්‍යාපෘති සදහා මිලියන 515 කට අධික මුදලක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම වසර තුළ යොදවන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya