ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් සීනි මිලට කිසිදු බලපෑමක් නැහැ - මුදල් ඇමැති Featured

    සැප්තැම්බර් 19, 2016
    උක් කර්මාන්තය හා උක් ගොවීන් මෙන්ම පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්  ආනයනික සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි. 
     
    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව බදු  සංශෝධනය හේතුවෙන්,  වෙළෙඳ පොළේ සීනි මිලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි. 
     
    ආනයනික සීනි සඳහා වන බදු සංශෝධනය කිරීමෙන්, සීනි අලෙවිය සඳහා නියම කර ඇති,  කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 95/= ක් වන උපරිම සිල්ලර මිලට කිසිදු බලපෑමක් නොමැති බවත් ඒ අනුව පාලන මිල ඉක්මවා වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. 
     
    මේ සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් සිදු කිරීමට, අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
     
    දේශීය උක් කර්මාන්තය හා උක් ගොවීයා ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම උදෙසා ජාත්‍යන්තර ‍වෙ‍ළෙඳපොලේ, සීනි මිල ගණන්වල උපනතීන් සලකා බලා ආනයනික සීනි සඳහා වන වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගත් බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya