ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    හෘද පෙනහළු නිමේෂකයන්ගේ ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එකඟතාවයක් Featured

    සැප්තැම්බර් 29, 2016

    හෘද පෙනහළු නිමේෂකයන් විසින් ඉල්ලා සිටින ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එකඟත්වය පළ කර ඇත. දැනට විදේශගතව සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (28) දුරකථන මාර්ගයෙන් වර්ජිත සේවකයින් සමග සාකචිඡා පවත්වා ඇත.

     

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත එම ඉල්ලීම් සළකා බලා ලබාදීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද දින (29) පෙරවරුවේ හෘද පෙනහළු නිමේෂකයින්ගේ සංගමය වෙත ලිපියක් යොමු කර තිබේ.

     

    ඔවුන්ගේ ඉල්ලීම් වලට සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කරයි. එම නිසා රෝගී ජීවිත පිළිබඳ සළකා සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වර්ජිත සේවකයින්ගෙන් ඉල්ලා සිටි. 2006/6 චක‍්‍රලේඛය අනුව වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ ජාතික රෝහල, කරාපිටිය සහ මහනුවර ශික්ෂණ රෝහල්වල හෘද පෙනහළු නිමේෂකයින් පසුගිය සදුදා සිට වර්ජනයක නිරතවී සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya