ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින ජාත්‍යන්තර වැඩමුළුව කොළඹ දී ඇරඹෙයි Featured

    ජූනි 14, 2014

    ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශිත අදට යෙදී ඇති ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින ජාත්‍යන්තර වැඩසටහන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (14) පෙරවරු 9.00ට ආරම්භ විය.

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ වැඩමුළුවට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා ආචාර්ය පූනම් ඛේත්‍රාපාල් සිං මහත්මිය ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරු එක් ව සිටිති.

     

    මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය "සුරක්ෂිත මාතෘත්වයක් සඳහා ආරක්ෂිත රුධිරය" යන තේමාවෙන් අද පැවැත්වෙන අතර ජාත්‍යන්තර සැමරුමෙහි සත්කාරකාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.

     

    ඊයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඛේත්‍රාපාල් සිං මහත්මිය පැවසුවේ දකුණු ආසියානු කලාපයේ අඩුම මාතෘ මරණ සංඛ්‍යාව වාර්තා වන රට නිසා ශ්‍රී ලංකාව මෙවර ජාත්‍යන්තර වැඩමුළුව පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තෝරා ගන්නා ලද බවයි.

     

    දකුණු ආසියා කලාපයේ රටවල් 11ක් තිබේ. එම රටවල ජනගහනයේ විවිධ පරස්පරතා දැක්නට ඇත. ඒ සියලු රටවල් අතරින් ශ්‍රී ලංකාව රුධිර පාරවිලනය සම්බන්ධයෙන් ඉතා ම ඉහළ තත්ත්වයකට පත් ව තිබෙන රට බව ද රුධිර අවශ්‍යතාවන්ගෙන් 100%ක් ම සපුරා ගන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් බව ද එවනි තත්ත්වයක් ඇති දකුණු ආසියා කලාපයේ අනෙක් රට තායිලන්තය බව ද අවධාරණය කළාය.

     

    WHO SEARO - colombo

     

    මේ අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, වෛද්‍ය අනිල් දිසානායක, වෛද්‍ය ආනන්ද ගුණසේකර මහත්වරුන් ද දකුණු ආසියා කලාපය නියෝජනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරු ද එක් ව සිටියහ.

     

    HC/pics:DGI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya