ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මදුරු මර්දන සතිය සාර්ථකව අවසන් වේ Featured

    ඔක්තෝබර් 04, 2016
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ජාතික මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය. ඒ අනුව සැප්තැම්බර්  27දා සිට ඔක්තෝබර් මස 03 දින දක්වා දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කෙරුනු මෙම ජාතික මදුරු මර්දන සතිය ඊයේ (03) සාර්ථකව අවසන් කෙරුණි. 
     
    මෙම ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සමාරම්භක අවස්ථා දෙකක් යටතේ කොළඹ දී සහ යාපනයේ දී සැප්තැම්බර් 27දා ආරම්භ විය. 
     
    ඒ සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායේ ද සහයෝගය  ලැබුනු අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 346ක් වැඩි අවදානම්, අවදානම් සහ අඩු අවදානම් කළාප ලෙස බෙදා කණ්ඩායම් 4500ක් සහ 20,000 පමණ වන ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ක්ෂේත‍්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරුනි. 
     
    ඒ අනුව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ සමස්ත වාර්තාවට අනුව පරිශ‍්‍ර 624,680ක් පරික්ෂාවට ලක්කරන ලද අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 9,130ක් සොයාගෙන ඇති අතර, මදුරුවන් බෝවිය හැකි පරිශ‍්‍ර 98,118ක් නිවැරදි කිරිමට පියවර ගෙන ඇත. මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 28,314කට නොතීසි නිකුත් කිරීමටත්, 2,195කට නඩු පැවැරීමට ද පියවර ගන්නා ලද බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි.
     
    එමෙන්ම  කොළඹ දිස්ත‍්‍රික්කය තුළ පමණක් පරිශ‍්‍ර 161,455ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මදුරු කීටයින් සහිත ස්ථාන 1,350ක් සොයා ගෙන ඇත. මදුරුවන් බෝවිය හැකි පරිශ‍්‍ර 18,459ක් නිවැරදි කිරීමටත්, 6,142කට නොතිසි සහ 729 දෙනෙකුට නඩු පැවැරීමට ද කටයුතු කර ඇත.
     
    මෙම මදුරු මර්දන වැඩසටහනේ දී වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 26ක් තෝරාගෙන තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුරය, මඩකළපුව, යාපනය යන දිස්ත්‍රික්කවල එම වැඩි අවදානම් කලාප දක්නට ලැබෙයි. 
    නිරත දිග මෝසම් වර්ෂාව ඔක්තෝබර් මාසයේ සිට උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට ලැබෙන බැවින්, ඊට පෙර මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. 
     
    මෙහිදී ජනතාව දැනුවත් කිරිම, ශ‍්‍රමදාන කටයුතු, මදුරුවන් බෝවන පරිශ‍්‍ර පවත්වාගෙන යන නිවෙස් හිමියන්ට නීතිමය පියවර ගැනීම සිදු කෙරෙනු ඇත. චිකන්ගුන්යා, සිකා, වැනි රෝග පාලනය කිරිම ද මෙම මදුරු මර්දන සතියේ මූලික අරමුණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප‍්‍රකාශ කරයි. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya