ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළට Featured

    ඔක්තෝබර් 04, 2016
    ඊයේ (03)  මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දැමූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
     
    මුදල් අමාත්‍යංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    ඒ අනුව රුපියල් 35ක් පැවැති සිගරට්ටුවක මිල රුපියල් 42ක් බවට පත් වේ. එය 16%ක වැඩි වීමකි. මේ හරහා වසරකට රුපියල් බිලියන 22ක ආදායමක් රජයට ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
     
    ඉදිරියේ දී දුම්කොළ සඳහා ද මිලක් ගෙන ඒමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    පසුගිය ආණ්ඩුව සමයේ දී පැය 17ක් නොනවත්වා ධාවනය කළ හැකි ගුවන්යානා 08ක් මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කොට ඇති බවත් ඉන් 04ක් මිලදී ගැනීම වෙනුවෙන් කෝටි 2500ක් ගෙවිය යුතු වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එවැනි ගුවන් යානා මිලදීගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවක් නොමැති බවත් එබැවින් එම ආයතනය සඳහා දඬ මුදලක් ගෙවීමෙන් එම ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කොට ඇතැයි ද පැවසීය.
     
    පසුගිය රජය සමයේ දී කඩා ඉහිරවූ ආර්ථිකය නැවත ගොඩගැනීමට සිදු ව ඇත්තේ වත්මන් රජයට බවත් ණය මුදල් සඳහා අති විශාල මුදලක් ගෙවීමට සිදු ව ඇති බැවින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බැරිව ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    විසර්ජන පනත් කෙටුම්පත එළැඹෙන 19දා හෝ 20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඉදිරි 2017 අයවැය යෝජනා හරහා ආරක්ෂක, පළාත් සභා, අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශයන් වෙත වැඩිම මුදලක් වෙන් කොට ඇති බවත් ඒ හා සමාන මුදලක් විදේශ ණය ගෙවීම සඳහා වෙන් වන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya