ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය ව්‍යවසායකින් පිරිසක් ඉදිරි සතියේ දිවයිනට Featured

    ඔක්තෝබර් 07, 2016
    ශ්‍රී ලංකාවේ නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ විවර වී ඇති ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්  පිරිසක් එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඉන්දීය කර්මාන්ත ෆෙඩරේෂනයේ සභාපති ආචාර්ය නවුෂාද් ෆෝබ්ස් මහතා පැවසීය.
     
    ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු ඉන්දීය ආර්ථික සමුළුව අවස්ථාවේ ඉන්දීය කර්මාන්ත ෆෙඩරේෂනයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේ දී ෆෝබ්ස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව සමග සමීප සහ ගැඹුරු ව්‍යාපාරික සබඳතා වැඩිදියුණු කර ගැනීමට තමන් ඉතා කැමැත්තෙන් සිටින බවය.
     
    ඒ අරමුණින් ලබන සතියේ සිදු කෙරෙන සංචාරයට අමතරව, ඉදිරි මාස කීපය තුළ දී හඳුනාගත් ක්ෂේත්‍රයන් නියෝජනය කරන තවත් ව්‍යවසායකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත එවීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
     
    මේ අවස්ථාවට ඉන්දීය කර්මාන්ත ෆෙඩරේෂනය නියෝජනය කරන ප්‍රධාන ව්‍යවසායකයන් නියෝජනය කරමින් ඉහළම පෙළේ විධායක නිලධාරීන් සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තමන් තුළ ඇති අභිලාෂයන් අගමැතිවරයා හමුවේ ගෙනහැර දක්වන ලදී.
     
    ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමේ දී මුහුණ පෑමට සිදු වුණු ප්‍රායෝගික ගැටලු සම්බන්ධව ද අගමැතිවරයාගේ අවධානය යොමු කෙරිණි.  
     
    විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වරී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පස්අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන් සහ සංවර්ධන ඒජන්සියේ අධ්‍යක්‍ෂ මංගල යාපා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වී සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya