ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2016 හෙට සිට Featured

    ඔක්තෝබර් 07, 2016
    වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2016  හෙට (10) සිට ලබන 12දා දක්වා කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වේ.
     
    මෙවර සමුළුවේ තේමාව "කර්මාන්තවල ඇතිවිය හැකි අවධානම් තත්ත්වයන් හා ඒවා මැඩපැවැත්වීම වෙනුවෙන් ආයෝජනය කිරීම" යන්නයි.
     
    මෙවර සමුළුව සඳහා කාම්භෝජය, චීනය, ජපානය, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය, වියට්නාමය වැනි රටවලින් නියෝජිත පිරිස් සහභාගිවනු ඇත.
     
    මෙම සමුළුව පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ආසියාතික රටවල වෘත්තීකයන්ගේ සේවා සුරක්ෂිතතාවය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒ ඒ රටවල ඇති නව තාක්ෂණයන් හා නව ක්‍රමවේදයන් හුවමාරු කරගැනීමය.
     
    වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2012 වසරේ සිට වාර්ෂිකව සාමාජිකත්වය දරන ආසියානු කලාපීට රටවල්වලදී පවත්වනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya