ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝක අපනයන සංවර්ධන සමුළුව ඇරඹේ Featured

    ඔක්තෝබර් 13, 2016

    16 වැනි ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12)  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    “සාර්ථකත්වය සඳහා වෙළෙඳාම – සම්බන්ධවීම, තරග කිරීම, වෙනස්වීම” යන්න මෙවර සමුළුවේ ප‍්‍රධාන තේමාව වන අතර සමුළුව ශී‍්‍ර ලංකාව තුළ පැවැත්වෙන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

     

    ජිනීවාහි, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය සහ ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව සමුළුව සංවිධානය කරයි, කලාපීය හා ගෝලීය තරගකාරීත්වයේදී බලපාන ගැටලු, නව වෙළෙඳපොළ හා සංවර්ධනයේ භූදර්ශනය මෙන්ම සාර්ථකත්වය සඳහා වන උපාය මාර්ග වෙත අවධානය යොමු කිරීම, මෙරට අපනයනකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර ගැණුම්කරුවන් හා ජාලගත වීමට හා දිගුකාලීන වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමට පිටුබලය සැපයීම ද මෙම සමුළුවේ අරමුණු වේ.

     

    එමෙන්ම ශක්තිමත් අපනයන ආර්ථිකයක් ශී‍්‍ර ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම සැකසීම ද මෙහි ප‍්‍රධාන අරමුණකි.

     

    සමුළුව හා සමගාමී ව්‍යාපාරික සම්මන්ත‍්‍රණ මාලාවක් හා මුහුණට මුහණලා පැවතී ව්‍යාපාරික හමුවීම් මාලාවක් ද සංවිධානය කර තිබුණි.

     

    මෙරට අපනයන අභිමුඛ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා අපනයනකරුවන් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අත්දැකීම් හා වෙළෙඳ අවස්ථා පුළුල් කර ගැනීමටත්, තරගකාරී ගෝලීය වෙළෙඳපොළට සරිලන ලෙස තම භාණ්ඩ හා සේවා ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම සහාය හා මඟ පෙන්වීම ලබාදීමත් මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ අරමුණ විය.

     

    ලෝක අපනයන සංවර්ධන සමුළුව සඳහා ලෝකයේ රටවල් රැසකින් ජාත්‍යන්තර වෙළෙඳ හා ව්‍යාපාරික ආයතන නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටින අතර අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, දයා ගමගේ, රිෂාද් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද ජිනිවාහි පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා Arancha Gonzalez මහත්මිය ඇතුළු පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya