ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අතිරික්ත විදුලිය, සාර්ක් රටවල් අතර හුවමාරු කරගැනීමට සාකච්ඡා

    ඔක්තෝබර් 14, 2016
    ශ‍්‍රී ලංකාව විසින් තම විදුලිබල ක්ෂේත‍්‍රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුකිරීමෙන් ඉදිරියේදී නිපදවීමට අපේක්ෂා කරනු ලබන අතිරික්ත විදුලි නිෂ්පාදිතය සාර්ක් කලාපීය රටවල් අතර හුවමාරු කරගන්නා ආකාරය පිළිබඳ ව, එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාවේ පරිපාලන ලේකම්, ශම්ශාඩ් අක්තාර් මහත්මිය (Ms. Shamshad Akthar) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග  පසුගිය දින එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී සාකච්ඡා කළාය. 
     
    දකුණු ආසියානු රටවල් අතරින් විසිහතර පැයම විදුලිය සපයන එකම රට වීමත්, සමස්ත ජනගහනයේ 98% කට විදුලිය සපයා තිබීමත් හේතුවෙන්, ශ‍්‍රී ලංකාව විදුලිබල ක්ෂේත‍්‍රයේ ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාව ඉතාමත් සතුටට පත්වන බව ශම්ශාඩ් අක්තාර් මහත්මිය පැවසීය. 
     
    එසේම විදුලිය අතින් ස්වයංපෝෂිතවීම, රටක සංවර්ධනයේ මූලික මෙන්ම ප‍්‍රධානතම සාධකය වන බැවින් ඉදිරියේදී ශ‍්‍රී ලංකාව සමග විදුලිබල ක්ෂේත‍්‍රයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට තම කොමිසන් සභාව විසින් අපේක්ෂා කරන බව එතුමිය වැඩිදුරටත් පැවසීය.
     
    ශ‍්‍රී ලංකාවේ විදුලිබල සැපයුම මේ වනවිට ලබාඇති ප‍්‍රගතිය පිළීබඳව අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා "රටම එළියයි - අඳුර දුරලයි" වැඩසටහන යටතේ ප‍්‍රධාන ජාලයට ළගාවිය නොහැකි අති දුෂ්කර ප‍්‍රදේශවල ජනතාවට පවා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් උපයෝගී කරගනිමින් විදුලිය සපයාදීමට පියවර ගත් ආකාරය පැහැදිළි කළේය. 
     
    ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත බලශක්ති සංවර්ධනය පිළීබඳ ජාත්‍යන්තර සමුළුව සඳහා ශ‍්‍රී ලංකාවේ සහභාගීත්වය අපේක්ෂා කරන බව පැවසූ එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාවේ පරිපාලන ලේකම්, ශම්ශාඩ් අක්තාර් මහත්මිය, එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාව සමග සමීප සබඳතා පවත්වමින්, විදුලිබල ක්ෂේත‍්‍රයේ අත්දැකීම් හුවමාරු කරගන්නා ලෙස විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලා සිටියාය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya