ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නොරොච්චෝල බලාගාරයේ දෙවන අදියර දින 05 කින් සක‍්‍රීය තත්ත්වයට Featured

    ඔක්තෝබර් 17, 2016

    නොරොච්චෝල බලාගාරයේ දෙවන අදියර දින 05 කින් සක‍්‍රීය තත්ත්වයට කරන බවත් යම්හෙයකින් විදුලි කප්පාදුවක් සිදුකරන්න වුවහොත් අද දින  ඒ පිළිබදව දැනුම් දෙන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ලක්විජය බලාගාරයේ ටර්බයින 03 ම බිදවැටි තිබෙන අතර  මේ යන්ත‍්‍ර 03 න් 02 ක් හෝ නැවත පණගන්වන තුරු ඉදිරි වැඩකරන දින 05 තුළ රටට අවශ්‍ය විදුලි ප‍්‍රමාණයෙන් 1/6 ක අඩුවක් කළමනාකාරණය කරගත යුතු බව නොරොච්චෝල බලාගාරයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව නිරීක්ෂණයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    කොත්මලේ සහ රන්දෙනිගල ජලාශවලින් ජලය වැඩිපුර ජලය යොදාගෙන මේ තත්ත්වය යහපත් පැත්තට කළමනාකරණය කරගන්න බලාපොරොත්තු වන බවත් කර්මාන්ත හිමියන් ඔවුන්ගේ විදුලි ජනන යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කරලා විදුලිය නිපදවාගෙන මේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය කළමනාකරණය කරගන්න උපකාර වන ලෙස තමා ඉල්ලා සිටින බවත් ඒ සඳහන් කළේය.

     

    මෙම  ඇතිවූ තත්ත්වය මත විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලිය  ඉතාමත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස විදුලි පාරිභෝගික ජනතාවගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නොරොචිචෝල සිට රට තුළට විදුලිය ගෙනයන  සම්පේ‍්‍රෂණ පදිධතියේ ඇතුළත සිදුවූ මේ බිදවැටීම් පිළිබද වාර්ථාවක් කැදවීමට අමාත්‍යාංශ ලේකම් බටගොඩට මහතාට තමා නියම කළ බවයි. අද දවස වනවිට මේ තත්ත්වය යතා තත්ත්වයට පත්වේවි කියලා බලාපොරොත්තු වුණා. නමුත් තත්ත්වය මදක් සංකීර්ණයිග ඵළමු ටර්බයිනය හෙට දිනයේත් දෙවන ටර්බයිනය එක් සතියක් ඇතුළතත් තුන්වන ටර්බයිනය මසක් ඇතුළතත්  යතා තත්ත්තවයට පත්කිරීමට වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya