ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන පරිපාලන සේවයේට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

    ඔක්තෝබර් 19, 2016

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය iii වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරග විභාගයෙන් සමත් වූවන් බඳවාගැනීමේ  සම්මුඛ පරීක්ෂණ ඊයේ (18) සිට ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංය සඳහන් කරයි.

    පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පරිපාලන හා මුල්‍ය විනිවිදභාවය ආරක්ෂා කිරීම මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා විධිමත් ක්‍රියාපටිපාටි අනුව යමින් සුදුස්සන් සඳහා ඉඩ ප්‍රස්ථා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය iii වන ශ්‍රේණිය සඳහා 2016 වර්ෂයේ පැවති විවෘත තරග විභාගයෙන් සමත් වූවන්ගෙන් 219 දෙනෙකු බඳවාගැනීමට නියමිතය. මෙම තරග විභාග සඳහා තිස් දහසකට අධික අපේක්ෂකයින් ප්‍රමාණයක්  පෙනී සිටියහ.

    මෙම සම්මුඛ පරීක්ෂණය අද සහ හෙට යන දිනයන්හිදී ද පැවැත්වෙන අතර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් අපේක්ෂකයින් සඳහා වර්ෂයක පූර්ණ කාලීන පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් පසු සේවයේ පිහිටුවීමට නියමිතය.

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ බඳවාගැනීම් සඳහා වන තරග විභාග 2011 වර්ෂයෙන් පසු  පවත්වා නොතිබූ අතර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 852 ක් ඒ වන විට හඳුනාගෙන තිබේ.

    මේ වන විට කුසලතා පදනම මත බඳවාගත් නිලධාරීන්ගේ හා සීමිත තරග විභාගය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයන්ගේ  විභාග ප්‍රතිඵල ද විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දී ඇති අතර ඉදිරි දිනවලදී එම විභාගවලට පෙනී සිට සමත් වූ අපේක්ෂකයින් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya