ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ පුහුණු සංචාරයක Featured

    ඔක්තෝබර් 23, 2016
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන “සයුර” සහ වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “සුරනිමල” යන නෞකාවන් ඊයේ (22) සිට 28 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතු සහ සුහද සංචාරයක නිරතවීම සඳහා ඊයේ (22) කොළඹ වරායෙන් පිටත් විය. 
     
    එම නෞකාවන් අද (23) ඉන්දියාවේ කොචින් වරාය වෙත ළඟාවීමට නියමිත අතර මෙම සංචාරයේ දී, විශේෂ පුහුණුවීම් කිහිපයක් සිදු කිරීමට ද නියමිතය. 
     
    දෙරටෙහි නාවික හමුදා අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කරමින් ඔවුනොවුන් මුණගැසීමටත්, අඳහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සලසන එම ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුව ලබන මධ්‍ය නිලධාරීන් 20 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයන් 304 දෙනෙකු සහභාගීවීමට නියමිතය.
     
    මෙම කණ්ඩායම ඉන්දියානු නාවික හමුදාවේ දකුණු විධානයේ INS වෙන්ඩුරුති හා INS ඩ්‍රෝනචර්යා යන පුහුණු පාසල් නිරීක්ෂණය කිරීමටත්, එහිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයකටත් සහභාගීවීමටත් නියමිතය. මේ අනුව ජාත්‍යන්තර නාවික හමුදාවට සම්බන්ධ දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට ද මෙම සංචාරය මගින් මහත් පිටිවහලක් ලැබෙනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya