ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළට වෙළෙඳ සංගම්වල සහාය

    ඔක්තෝබර් 25, 2016
    ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙළට පුර්ණ සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමය හා ශ‍්‍රී ලංකා ඖෂධ වෙළෙඳ සංගමය පවසයි.
     
    මිල අඩු කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති සාකච්ඡාවක දි එම සංගම්වල නිලධාරී මණ්ඩලය මේ බව ප‍්‍රකාශ කළහ. 
     
    නව මිලට අනුව ඖෂධ අළෙවි කිරීමට තමන් සුදානම් බවත් ඖෂධ ආනයන සමාගම් මෙතෙක් තමන් සතුව ඇති ඖෂධ තොග යළි පවරා ගෙන නව මිලට ඖෂධ තොග නිකුත් කර නොමැති බව එම නිලධාරී මණ්ඩලය මෙහිදී පෙන්වා දුන්හ. ඊට ප‍්‍රතිචාර දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ගැටලුව පිළිබඳ ව ඖෂධ ආනයන සමාගම් සමග සාකච්ඡා කරන බවයි. ඖෂධ සමාගම් ද මෙම වැඩපිළිවෙළට දායක කර ගත යුතු බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියහ. 
     
    මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් මගින් අඩු කළ මිලට ඖෂධ අලෙවි කරන බව එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා ප‍්‍රකාශ කළේය. දිවයින පුරා පිහිටි ඔසුසැල් 32ක මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මකය. 
     
    සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය සිකුරාදා ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කරන ලදි. එම ගැසට් පත‍්‍රයට අනුව ගුණාත්මකභවින් යුත් ඖෂධ අළෙවි කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිට පියවර ගෙන ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya