ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නව වැට් බදු පනතෙන් මෙතෙක් අයකළ සැඟවුණු බදු සියල්ල ඉවත් කෙරේ - මුදල් ඇමැති Featured

    ඔක්තෝබර් 25, 2016
    බදු මුලධර්මවලට එකඟව සාධාරණාත්මක (Equitable Taxation) බදු ක්‍රමයක් හඳුන්වා දෙන නව වැට් බදු සංශෝධන පනත බදාදා පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.
     
    මෙම නව වැට් බදු සංශෝධන පනත මඟින් වැට් බදු ක්‍රමය සරල වන අතර එහි විනිවිදභාවයක් ඇති කරමින් මෙතෙක් වැට් බදු ක්‍රමයේ පැවති සැඟවුණු අය කිරීම් සියල්ල ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය යටතට එකතු කළ අගය මත බදු නොහොත් VAT බද්ද 2002 වසරේදී 10%ක ප්‍රතිශතයක් වශයෙන් හඳුන්වා දෙනු ලැබුවේ භාණ්ඩ හා සේවා සඳහා පමණි. 2006 වසර වන විට ක්‍රමයෙන් එය 20%ක ප්‍රතිශතය දක්වා වැඩි කරන ලද අතර පසුගිය රජය විසින් 2013 වසරේදී ප්‍රථම වතාවට තොග හා සිල්ලර වෙළදාම ද 10% වැට් ප්‍රතිශතයට යටත් කරනු ලැබීය.
     
    2014 වසර වන විට දෛනිකව රු. ලක්ෂ 14ක පිරිවැටුපක් තිබෙන වෙළඳසැල්හිමියන්ගෙන් 12%ක වැට් අය කිරීමට අමතරව එහි තුළ එයට අමතරව සැඟවුණු අය කිරීම් අන්තර්ගතවී තිබුණි.එය යටතේ ශ්‍රී ලංකාවේ විසිරී සිටින වැට් නොගෙවන සුළු නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන මිලදී ගෙන අලෙවිකරන්නන් එම භාණ්ඩ සඳහා ද රජයට වැට් ගෙවීමට සිදුව තිබුණි. වැට් බදු පනත අනුව වැට් අදාළ වන භාණ්ඩ වනුයේ සුවඳවිලවුන්, බිස්කට්, සබන් සහ සකස් කරන ලද ආහාර වැනි භාණ්ඩ කිහිපයක් සඳහා පමණි. එහෙත් එදා පැවති බදු අය කිරීමේ ක්‍රමය අනුව වැට් අදාළ භාණ්ඩ අලෙවියෙන් ලැබෙන ආදායමට පමණක් නොව සමස්ත පිරිවැටුපෙන් 25%ක මුදලකට දෙනු ලබන සහන හැර අන් ඉතිරි සමස්ත පිරිවැටුපට වැට් ගෙවිය යුතුව තිබුණි.
     
    මෙය සාධාරණාත්මක බදුකරණයට පටහැනිය. එකම වර්ගයේ භාණ්ඩ අලෙවිකරණ ව්‍යාපාරිකයන් අතර එක් කොට්ඨාසයක් මත පමණක් බදු පැටවීම හා සැඟවුණු ගෙවීම් ද ඇතුළත් හෙයින් පැවති බදු ක්‍රමය බදුකරණයේ විනිවිදභාවයක් නොපෙනෙන බදු මුලධර්ම වලට පටහැනි එකකි. එහෙයින් රජය මෙම නව වැට් බදු පනත වෙළඳ සමාජය තුළ සාධාරණව බෙදී යන අයුරින් බදු සීමාව රුපියල් 138000ක් දක්වා අඩු කර බදු ප්‍රතිශතය දැනට ක්‍රියාත්මක 11% සිට 15% දක්වා වැඩි කළ ද ව්‍යාපාරිකයන් විසින් සැබෑ ලෙස ගෙවිය යුතු මුදලේ ප්‍රමාණය පෙර පැවති ක්‍රමයට වඩා බෙහෙවින් අඩු වීම මෙහි විශේෂත්වයකි.
     
    යුද්ධයෙන් පසුව ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වී සිටි එකල රජය ජනතාවට සහන දෙනවා වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ද වැට් බදු හඳුන්වා දෙමින් ජනතාව මත එකල වැඩි බරක් පැටවීය.ඉන්පසු රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන අයුරින් වාණිජ පොළි පදනම මත ලබාගත් විශාල ණය උගුලකට රට ඇඳ දැමීය. මුල් අවස්තාවේදී 10%ක්ව පැවති වැට් බද්ද 20% දක්වා වැඩි කළ අවස්තාවේදී නිහඩව සිටි එකල රජයේ ඇතැම් අමාත්‍යවරුන් මෙම නව වැට් බදු සංශෝධනය බදු මුලධර්මයන්ට පටහැනි යැයි කීම හාස්‍යජනක යැයි කියමින් මුදල් අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
     
    රුපියල් 2500 කින් පස්දෙනෙකුගෙන් යුත් පවුලකට මසක් කන්න පුළුවන් යැයි ඔහු තර්ක ඉදිරිපත් කළ දේශපාලඥයන්ගේ තවදුරටත් මේ රටේ ජනතාව පිළිගන්නේ නැතැයි තමන් විශ්වාස කරන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya