ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදයේ 10 වැනි සමුළුව අද

    ඔක්තෝබර් 27, 2016
    ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදයේ 10 වැනි හමුව අද (27) සවස 2.00ට මිලෝදා මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ.
     
    මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ හමුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක ආර්. පාස්කරලිංගම් යන මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය.
     
    ව්‍යාපාරික කටයුතු පහසු කිරීම සඳහා ම කැපවුන මෙම සංසදය, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කටයුතුවලට අදාළ කාර්ය පටිපාටි‚ නියාමන ගැටලු විසඳීම සඳහා සජීවි සංවාද මණ්ඩපයක් සපයන අතර ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ මිත්‍රශිලි පරිසරයක් නිර්මාණය කරමින් ස්වකීය ව්‍යාපාරික ගැටලුවලට එම අවස්ථාවේ ම විසඳුම් සොයා ගැනීමට පහසුකම් සලසනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya