ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියානු සාගර කලාපයන්හි මත්ද්‍රව්‍ය වෙළෙඳාමට එරෙහි රැස්වීම ඇරඹේ Featured

    ඔක්තෝබර් 29, 2016
    ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි අභ්‍යන්තර අමාත්‍යවරුන්ගේ ඉහළ මට්ටමේ රැස්වීම අද (29) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී ආරම්භ විය.
     
    නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙහි සමාරම්භක අවස්ථාවේ දී විදේශ නියෝජිතවරුන් ඇමතීය.
     
    මෙහිදී මත්ද්‍ර‍ව්‍ය අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සංවිධානාත්මක අපරාධ සහ නීති විරෝධී ජාවාරම් අංශයේ ප්‍රධානී ටොෆික් මුර්ෂුද්ලු මහතා විසින් මෙහි පිළිගැනීමේ කතාව සිදු කරන ලදී.
      
    මෙම රැස්වීම බංගලාදේශය, කොමරෝස්, ඉන්දියාව, ඉරානය, මැඩගස්කරය, මොසැම්බික්, සීෂෙල්ස්, ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව යන රටවල අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යවරුන් නියෝජනය කෙරේ. පකිස්ථානය, කටාර් හා මුරුසිය යන රටවලින් අභ්‍යන්තර ආරක්ෂාව හා මත්ද්‍රව්‍ය පිළිබඳව නීති බලාත්මක කිරීමේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගිවී සිටිති.
     
    "2016 දී මුහුදෙන් මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම්" එකතුව නැමැති කෘතියෙහි පිටපතක් සහ දකුණු මාවතෙහි තර්ජනය පිළිබඳ ඇගයීම ද මෙහිදී අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත පිළිගන්වන ලදී.
     
    නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙහි සත්කාරකත්වය දරයි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya