ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ රැසක්

    ඔක්තෝබර් 31, 2016

    අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ රැසක් විශාල වශයෙන් වර්තමාන රජය සිදුකරන බවත් පවතින සියලුම ගුරු හිගය විසඳීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ''ළඟම පාසල හොඳම පාසල''  සංකල්පය යටතේ බෙන්තොට, අධ්‍යාපන කොට්ඨාසයෙහි මහ ඉදුරුව, ගුරුකන්ද මහා විද්‍යලයට රුපියල් මිලියන 63ක පමණ වියදමින් ඉදිකිරීමට නියමිත නව විද්‍යා හා තාක්ෂණ දෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම වෙනුවෙන් පැවති මුල්ගල තැබීමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේය.

     

    ඒ යටතේ තමයි අපි ‘ ළඟම පාසල හොඳම පාසල ’  සංකල්පය මේ වසරෙදි හඳුන්වා දුන්නේ. අධ්‍යාපනයට පටිතල පහසුකම් වෙනුවෙන් ගොඩනැගිලි වෙනුවෙන් විශාල මුදලක් මේ වෙන කොට වෙන් කරල තිබෙනවා. ගොඩනැගිලි වලින් විතරක් අධ්‍යාපනය දියුණු කරන්න බැහැ. පළවැනිම දේ තමයි ඩෙස් බංකු, උපකරණ, ගොඩනැගිලි ඒ පහසුකම් අවශයයි අධ්‍යාපනයට. නමුත් අද තිබෙන ලොකුම ගැටලුව තමයි අපේ රටේ විශාල ගුරු හිඟයක් තිබීම. ඇතැම් විශයයන් වලට ගුරුවරුන් ඇත්තෙම නැහැ සමහර පාසල් වල. ලබනු වසරේදී  මේ ප්‍රශ්නය සහමුලින්ම අපි විසඳනවා.

    සියලුම ගුරු හිගය අපි විසනවා. ඒ සදහා විසදුම් සොයනවා. එවැනි ප්‍රතිසංස්කරණ රැසක් අපි සිදුකරගෙන යනවා. මේ වැඩ සිදුකිරීමේදී දේශපාලනය ඈදගන්න එපා. අධ්‍යාපනයට දේශපාලනයක් නැහැ. හැම පක්ෂයකම අයගේ, හැම දේශපාලනඥයින්ගේම, හැම දෙමාපියකගේම දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ තමයි අනාගතයේදී මේ රට භාරගන්නේ. ඒ නිසා කවුරු ආණුඩු කලත් හොද වැඩක්නම් ඒක ඉස්සරහට ගෙන යන එක තමයි ආණ්ඩු කරන අයගේ වගකීම. අපි ඇවිත් මේවාට මුල් ගල් තැබුවට මේ අපේ සල්ලි නොවෙයි. මේවා ඔබේ සල්ලි. ජනතා මුදල් මේවට පාවිච්චි කරන්නේ. අපි දේශපාලනඥයින් හැටියට කරන්නේ අවශ්‍ය කරන නිවැරදි තීන්දු තීරණ ගැනීමට උපකාර කිරීම පමණයි. ඒ නිසා මේ වැඩ ගැන විමසිල්ලෙන් ඉන්න. බාල වැඩ කරන්න දෙන්න එපා. හැම සතයක්ම ජනතා මුදල් නිසා ඒවා පිළිබදව සොයා බැලීමේ වගකීම ඔබට තිබෙනවා


    ඇමතිවරයා තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව ද මෙසේ කීය.  අපි තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා දෙනවා. මම තොරතුරු දැනගැනීමේ ඒ ඓතිහාසික පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තා. ඒ පතේ වාසිය හිමිවන්නේ ජනතාවටයි. නමුත් තාම ජනතාව දන්නේ නැහැ ඒකේ තිබෙන වාසිය මොකද්ද කියල.ලොකයේ ඇතැමි රටවල් මෙවැනි පතක් ගෙන ආවේ පාරට බැහැල උද්ඝෝෂණ කරල ලේ වැගිරීම් කලාට පසුවයි.  මට පුලුවන් වුනා, පාර්ලිමේන්තුවේදී  පත සම්මත කර ගන්න.  එහි වටිනාකම ජනතාව ඉදිරියේ දී දැනගනීවී යැයි ද අමාත්‍යවරයා පැවසී ය.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya