ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කෝප් කමිටු පරීක්ෂණ ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය Featured

    නොවැම්බර් 02, 2016
    කෝප් කමිටුවේ නිර්දේශ පිළිබඳ ව ඊයේ (01) පැවැති අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කළ බවත්, එම නිර්දේශ නීතිපතිවරයාට සහ රාජ්‍ය මූල්‍ය දෙපාර්තෙමින්තුවට යොමු කර පරික්ෂණ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ දී අවධානය යොමු කළ බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ පියා අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ "සුවශක්ති මාතා" වැඩසටහනක් පයාගල රාජිත සේනාරත්න ක‍්‍රිඩාංගණයේ දී ඊයේ පස්වරුවේ දී පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    "කෝප් කමිටුවේ සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රිවරයෙක්. රාජපක්ෂ සමයේ කෝප් කමිටුවේ සභාපති වූයේ අමාත්‍යවරයෙක්. එයයි යහපාලන රජයේ වෙනස. කෝප් කමිටුවේ නිර්දේශ පිළිබඳ ව අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කළා. එම නිර්දේශ කථානායකවරයා හරහා නීතිපතිවරයාට යොමු කිරීමටත්, රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ පැවැත්වීමටත් අවධානය යොමු කළා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාත් එම පරික්ෂණ පිළිබඳව කරුණු පැහැදිලි කළා". 
     
    "අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධූරයට පත් කරන විට මම විරුද්ධ වුණා. ඔහු පිළිබඳ ව විශ්වාසයක් නොමැති බව ප‍්‍රකාශ  කළා. එවිට අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා ප‍්‍රශ්නයක් ඇති වුවහොත් පසුව විසදාගමු කියලා. නමුත් මා ප‍්‍රකාශ කළ ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් ප‍්‍රශ්නයක් ඇති කර ලංකාවම ගද ගැස්සුවා. ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මන්ත‍්‍රිවරයා ඇතුලු පිරිසක් අල්ලස් කොමිසටම මෙම ප‍්‍රශ්නය ඉදිරිපත් කර තිබෙනවා. රාජපක්ෂ පාලන සමයේ දී ඔවුන්ට මෙවැනි ප‍්‍රශ්න අරගෙන අල්ලස් කොමිසමට යන්න බැරි වුනා. එදා ප‍්‍රශ්න අරගෙන ගියා නම් වාසුදේව මන්ත‍්‍රීවරයාට වෙන්නේ ඇමැතිකම නැතිවීම පමණයි" යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya